Skip to content

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අණතුර

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ඒරුවන් ප්‍රදේශයේදී ඊයේ (26) දින යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

කොඩිකාමම් සිට පේදුරුතුඩව දෙසට ධාවනය වී ඇති යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් එහිදී යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියා මියගොස් පසු ආසනයේ පැමිණි පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යතුරුපැදියේ ටයරයක හුලං යාමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් ගසේ වැදීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පොලීසියේ සේවය කරන ලද යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කේ. ගජීපන් නැමති පොලිස් කොස්තාපල් වරයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ නෙල්ලිඅඩි පොලීසියේ සේවය කරන ලද පොලිස් නිලධාරියෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Latest