Skip to content
TechWorld

පොලිස් රොබෝවරු සිංගප්පූරු ගුවන් තොටුපළේ මුර සංචාර අරඹයි.

මූලාශ්‍රයන් විදෙස් මාධ්‍ය තුලිණි.

සිරස්තලය කියවීමෙන් ඔබ යම්කිසි වික්‍ෂිප්ත භාවයකට පත් වන්නට ඇතැයි සිතමි. නමුත් මේ ගෙන එන පුවත සිංගප්පූරුවේ පොලීසිය විසින් මේ වන විට ප්‍රායෝගිකව සිදු කරමින් තිබෙන්නක් බව පැවසිය යුතුමය​. අඩි 7කට වඩා උසින් යුතු සම්පූර්ණ අංශක 360 ක කැමරා පද්ධතියකින් බලගැන්වුණු මෙම රොබෝ යන්ත්‍රය ඕනෑම නීති කඩකරන්නෙකුට එරෙහිව කටයුතු කිරීමට පසුබට වන්නේ නැත​. සිංගප්පූරු පොලිස් බළකාය විසින් වසර පහකට අධික කාලයක් අත්හදා බැලීම්වලින් අනතුරුව චැංගි ගුවන් තොටුපළහි (Changi Airport) මුර සංචාරයේ යෙදීම සඳහා මෙලෙස රොබෝවරුන් දෙදෙනෙකු හදුන්වා දී ඇත​.

සිංගප්පූරු පොලීසියේ සැලසුම වී ඇත්තේ ඉදිරි වසර වලදී "Augmented ඉදිරිපෙළ නිලධාරීන්" වශයෙන් අග්නිදිග ආසියානු නගර පුරා මෙම රොබෝවරු යෙදවීම දක්වා වන අදාළ තාක්‍ෂණය වැඩිදියුණු කිරීමයි. අප්‍රේල් මාසයේ සිට ගුවන් තොටුපළේ මුර සංචාරයේ යෙදී සිටින රොබෝවරු සිංගප්පූරු පොලීසියේ තාක්‍ෂණික අවි ගබඩාවට නවතම එකතු කිරීමක් වශයෙන් විදෙස් මාධ්‍යයන් වෙත අර්ථ දැක්වීමක් ද ඔවුන් විසින් සිදු කර ඇත​. එරට පොලීසියට අනුව ඔවුන් සාම්ප්‍රදායික රොබෝවරුන් ලෙස හැදින්වීමට කිසිදු හැකියාවක් නැත​. ඔවුන් ගේ හැකියාව කොතෙක් ද යත් යම් කිසි සිදුවීමක් වන අවස්ථාවකදී මිනිස් නිලධාරීන් පැමිණෙන තෙක් තමාට දක්වා ඇති සීමාව බලාත්මක කිරීමට පොලිස් සයිරන් භාවිතා කිරීම​, අවට සිටින්නන්ට අනතුරු ඇඟවීම සහ කැමරා මගින් සැකකරු වෙත එල්ලය තබා ගැනීම වැනි හැකියාවන් රාශියකින් සමන්විත වන බව පැවසෙයි.

සිංගප්පූරු පොලිස් බලකාය මේ වන විට අපේක්‍ෂා කරමින් සිටින්නේ ඔවුන් ගේ නගරය පුරා මෙම රොබෝවරුන්ගේ දායකත්වය සාධනීය අයුරින් යොදා ගැනීමයි. සෑම රොබෝවක්ම ශ්‍රව්‍ය පණිවිඩ විකාශනය කරන ඉන්-බිල්ට් ස්පීකර් සහ දෘශ්‍ය පණිවිඩ පෙන්වන පසුපස LCD පැනලයක් සමඟ පැමිණේ. ඔවුන් දළ වශයෙන් මීටර් 1.7 (අඩි 5.5) උසකින් යුක්ත වන නමුත්, අමතර​ මීටර් 2.3 (අඩි 7.5) දක්වා ඉහළින් දිගු කළ හැකි අන්දමින් නිපදවා ඇත​. ඒවාට අංශක 360ක දර්ශනයක් ලබා දෙන බහුවිධ කැමරා පද්ධතියක් එක් කිරීම හරහා වඩා හොඳ සිදුවීම් කළමනාකරණයක් වෙනුවෙන් ගුවන් තොටුපල පොලිසියට බාධා රහිත දර්ශන ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. අදාළ වීඩියෝව පහතින්:

Latest