Skip to content

කාන්තාවකගේ රන් මාලය කඩා පලායන්න තැත්කර පොලිස් කොස්තාපල් ට ගම්මුන්ගෙන් හොඳ පාඩමක්.





කළුතර  උතුර එතනමඩල ප්‍රදේශයේ දී ( බන්ධනාගාර මාර්ගයේ)යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩාගෙන පළා යෑමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකුව ගම්වැසියන් එක්ව අල්ලා පහරදී ගස්බැද කළුතර උතුර පොලිස් ස්ථානයට භාරදී  තිබෙන බව පොලීසිය කියයි.

  අත්අඩංගුවට ගෙන ඇත්තේබදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් රියදුරෙකු වන අතර ගම්වැසියන් විසින් අල්ලා ගස්බැද පොලීසියට  බාරදී තිබේ.

මෙම  සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුට අයත් පුද්ගලික යතුරු පැදියෙන් ගමන් කරන අතර තුර මෙසේ මාර්ගයේ වෙනත් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා තිබේ.

මෙම  සැකකාර කොස්තාපල්වරයාමෙම කොල්ලය සිදුකර ඇත්තේ අසනීප නිවාඩු වාර්තාකර පසුගිය17 දින  වස්කඩුවේ පිහිටි නිවසට පැමිණ සිටින අතර තුර එම කොල්ලය  සිදු කිරීමට  කටයුතු කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මත්කුඩු වලට ඇබ්බැහි වී මෙසේ කොල්ලකෑම් සහ සොරකම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසක් මෑත කාලයේදී පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේන බව  වාර්තාවී .
එසේම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින  පිරිමිපොලිස්   නිළධාරින්ගෙ ගනන ද දිනෙන් දින  ඉහළ අගයක් ගන්නා බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත උතුරු කලුතර පොලිස් කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර පොලිස් කොස්තාපල් රියදුරු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර  කළුතර අධිකරණයට  ඉදිරිපත් කර තිබේ. හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

Latest