Skip to content

පොලීසියෙන් කියලා අරං ගියා.වෙච්ච දෙයක් නෑ.

පොලීස් නිලධාරීන් පිරිසක්  විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය තම සහෝදරයා සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බව පාලාවිය - නාගවිල්ලුවේ පදිංචිකරුවෙකු  පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.

අතුරුදහන්වී වී ඇත්තේ පුත්තලම - පාලාවිය,නාගවිල්ලුවේ පදිංචිව සිටි මොහොමඩ් සරීෆ් මොහොමඩ් හාසිෆ් නම් අයෙකි.

පසුගිය 18 වෙනිදා පෙරවරු 9.30 ට පමණ පොලිස් නිලධාරීන් යැයි පවසමින් පැමිණි කණ්ඩායමක් විසින් තමන්ගේ සහෝදරයාව පැහැර ගෙන ගිය බවත්, පසුව ඔහු සම්බන්ධයෙන් පුත්තලම පොලීසියට ගොස් සොයා බැළුවත් එහි නොසිටි බව පාලාවිය - නාගවිල්ලුව පදිංචිකරුවෙකු වන හාල්දීන් ජසාර්දීන් යන අය කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිළික කර ඇත.

අතුරුදහන්වී ඇති බව කියන අය මීට පෙර අවස්ථාවකදී හෙරෝයින් මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අයෙකි.

පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.

Latest