Skip to content

දළදා මාලිගාව අසල ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සාහ කළ චීන ජාතිකයන් පොලිස් භාරයට.

නිසි අවසරයකින් තොරව ශ්රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්රෝන යන්ත්රයක් ගුවන් ගත කිරීමට උත්සහ කරන බවට ඇතිවූ සැකයක් මත චීන ජාතිකයින් දෙදෙනෙකු මහනුවර පොලිස් භාරයට ගෙන ප්රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බව පොලීසිය පවසයි.

අදාළ ඩ්රෝන යන්ත්රය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.

එහි මහනුවර ශ්රී දළදා මාලිගාව හෝ ඒ ආශ්රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නෙගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් චීන ජාතිකයින් දෙදෙනාගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇත.

මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබීය.

Latest