Skip to content

පොල් ගහ වහලයට පාත් වි වසරකට ආසන්නයි. ගොඩනැගිල්ල පාත් වි විනාශ වෙන්න තව ටික දවසයි.

හෙම්මාතගම නගරයේ ඇති එකම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ වහලයට පොල් ගසක් වැටි දැනට වසරකට ආසන්න කාලයක් වන නමුත් එය මෙතෙක් ඉවත් කිරීමට කිසිදු නිලධාරීයෙකු කටයුතු කර නොමැති බව එහි ගිය අපට අදත් 24 දැක ගැනීමට හැකි විය.


පොල් ගස වැටි වහලය සහ සිවිලිම කැඩි ඇති අතර වහලයේ සෙවිලි කර ඇති ඇස්බැස්ටොස් සීට් කිහිපයක්ම කැඩි ගොස් ඇත. වැස්ස හේතුවෙන් එහි බිත්ති පවා දිරා පත් විමේ අවදානමක ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ පිටුපස ඇති වැසිකිලිය සහ දෛනික කටයුතු වලදි අවශ්‍ය වන ජල නල යනආදිය විනාශ වෙමින් පවති. එහි සමහර කොටස් වල් වැදි විනාශ වෙමින් පවතින අතර මෙය අලුත් වැඩියා කොට නැවත සකස් කර ගැනීමට එතරම් මුදල් වැය නොවන අතර මෙය තව දුරටත් විනාශ විමට ඉඩ හැරිය යොත් මෙවැනි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නැවත සකස් කර ගැනීමට කොටි ගණනක මුදල් වැය කිරීමට රජය සිදු වනු ඇත.


සමහර දින වලදි මෙහි සෞඛ්‍ය සේවා කටයුතු පවත්වන අතර එවැනි අවස්ථාවක අධික වර්ෂාවක් ඇති වුවහොත් ගස බිත්ති සමග කඩා වැටි දැඩි අවදානමකට පත් විමේ ඉඩ කඩක්ද ඇති අතර කුඩා දරුවන් සහ ගැබිණි කාන්තාවන් විශාල ප්‍රමාණයකට මෙම තත්වය දැඩි අවදානමක් පවති.
මේ සම්බන්දයෙන් ජනතාවද අදහස් දක්වමින් පැවසුයේ මෙතරම් වටිනා ස්ථානයක් විනාශ විම යෑමට නොදි රැක ගත යුතු බවයි. රට ආර්ථික අපහසුතාවයකට පත් වි ඇති අවස්ථාවක නිලධාරීන් මෙවැනි ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට සිදු කර ගැනීම වගකිමකින් සිදු කර යුතු බවද ඔවුන් පැවසීය.
අප මේ සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගාමිණී සමරසිංහ මහතාගෙන් දුරකථන මාර්ගයෙන් විමසීමක් කර අවස්ථාවේ ඒ මහතා පැවසුයේ අප මේ ගස සෞඛ්‍ය මධ්‍යස්ථානයට පාත් වෙනකොටම අපි කතා කරා ප්‍රාදේශීය ලේකම් එකට එහි අනුමැතියක් ඔනෑ ගස කපන්න. අපි ලියුම් දිලා තියනවා ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලැබුණු ගමන් ගස ඉවත් කිරිමේ කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

Latest