Skip to content

කොළඹ වරයාට ආ ‘PNS TIPPU SULTAN’ .

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නැමති නෞකාව නිල සංචාරයක් සඳහා ජුනි 18  කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව හා කාර්ය මණ්ඩලය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ගෞරවාන්විතව පිළිගැනීම සිදුකෙරුණි..

මෙලෙසින් කොළඹ වරායට සේන්දු වූ ‘PNS TIPPU SULTAN’ යුද නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 168 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් JAWWAD HUSSAIN TI කටයුතු කරනු ලබයි.

‘PNS TIPPU SULTAN’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අදර  මෙම නෞකාව නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට අවස්ථාව ලබාදී නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිලිබඳ මෙරට නාවික හමුදාව දැනුවත් කිරීමක් සිදුකෙරිණි.

මේ අතර ‘PNS TIPPU SULTAN’ නෞකාව 2023 ජුනි මස 20 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද කටයුතු යොදා ඇතැයි නාවික හමුදාව පවසයි.

නවික හමුදා අභ්‍යාශය මගින් දෙරටේ නාවික හමුදාව අතර පවත්නාවූ ආරක්ෂක තත්වය මෙන්ම සුහදසීලී බැඳීමද වැඩිදියුණු කරගැනීමට දෙරටේම ඒකායන අරමුණ බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Latest