මෙවර 2023 /24 වසරේ මා ස් කන්නයේ දී වවුනියා වේගොවීන්ගේ වී අස්වැන්න 60 % කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල දමා ගැනීම සදහා නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගොවීන් හුරු කිරීමේ වැඩසටහනක් මේ දිනවල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කොට තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ගොවි යන්ත්‍ර නිපදවනු ලබන සමාගම් විසින් ඒකා බද්ධව මේ වැඩ සටහන ක්‍රියාත්මක කොට තිබේ. මෙහිදී නිවැරදිව සී සෑම බීජ හා පැල සිටුවීම පොහොර යෙදීම අස්වැන්න නෙලීම ගබඩා කිරීම යන සියලුම අංශ පිළිබදව මනා පුහුණුවක් වවුනියාවේ ගොවීන්ට ලබා දෙනු ඇත. ගොවීන්ට ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ළගම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථා න වලින් කුළී පදනම මත ලබා ගැනීමටද මෙම වැඩ පිළිවෙල තුළින් අවස්ථාව සලසා දී තිබේ. ගොවීන්ගේ කුඹුරු වල අස්වැන්න අඩු වීමට හේතුව එම ගොවීන් විසින් අනාදිමත් කාලයක සිට පාරම්පරිකව සිදු කෙරුණු කෘෂිකාර්මික පුරුදු භාවිත කිරීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් කරණ ලද සමීක්ෂණයකින් පසුව හෙළි වීමත් සමගම මෙම තීරණය ගෙන තිබේ.


