Skip to content

පකිස්තාන කේබල් කාර් අනතුරෙන් ළමයින් ඇතුළු අතරමං වූ පුද්ගලයින් 8 දෙනාම බේරා ගැනේ.

පෙර දිනයේ පුද්ගලයන් සිවිදෙනෙකු බේරා ගැනිමෙන් පසුව විශේෂ සේවා කණ්ඩායම (SSG) ආලෝකය සහ කාලගුණික ගැටළු හේතුවෙන් හෙලිකොප්ටර් ගලවා ගැනීමේ මෙහෙයුම නවතා දැමූ බව වාර්තා විය.පසුව ඉතිරි පුද්ගලයන් දෙදෙනා බේරා ගැනිම සදහා වෙනම ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කොට ඇත.එහිදි එම කේබලය භාවිතයෙන් බලපෑමට ලක් වූ කේබල් මෝටර් රථය අසලට කුඩා ගොන්ඩෝලාවක් Gondola යවා පුද්ගලයන් තනි තනිව බේරා ගෙන ඇත.එම කේබල් කාර් එක සදහා ආහාර සහ අනෙකුත්  අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට ගොන්ඩෝලා Gondola භාවිතා කර ඇත.

මෙම කේබල් කාරයේ පුටු සෝපානය කුළුණු කඳුවලින් සහ පාෂාණමය මතුපිටකින් වට වූ ගැඹුරු මිටියාවතක් මැද එල්ලෙමින් තිබූ අතර ඊට යටින් ජංග්‍රි නදියද Jhangri River ඇති බව පාකිස්තානයේ ඩෝන් පුවත්පත වාර්තා කළේය.ඉතා ඉක්මනින් මෙහෙයුමි සිදුකොට පිරිස බේරා ගැනිමට ප්‍රදේශයේ දුෂ්කර භුමිය සහ සමිපත් හිගකම බලපැ අතර මෙම ක්‍රියාවලිය සිදු කිරිමට පළාත් පාලන ආයතන අපොහොසත් වීමෙන් පසු පාකිස්තානයේ සන්නද්ධ හමුදා මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ.එවාගේම පකිස්තාන යුද හමුදාවේ සහ පකිස්තාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මීට පෙර එම ස්ථානයට පැමිණ අතරමං වූ පුද්ගලයන් බේරා ගැනීමට වෙහෙසෙමින් සිටියහ.

තත්ත්වය කෙතරම් බරපතළද? මෙම පිරිස මුදවා ගැනිමට කටයුතු කිරිමේදි පුටුවේ සිරවි සිටි 20 හැවිරිදි ගුල්ෆරාස් Gulfraz පාකිස්ථානයේ ජියෝ ප්‍රවෘත්ති වෙත දුරකථනයෙන් දන්වා සිටියේ යානයේ පානීය ජලය පවා නොමැති බවයි.එවාගේම හෘදයාබාධයකින් පෙළෙන 16 හැවිරිදි මගියෙකු පැය තුනක් තිස්සේ සිහිසුන්ව සිටි බව ඔහු සඳහන් කළේය. තරුණයා පුටුවේ සෝපානය භාවිතා කරමින් රෝහලට යමින් සිටි බව ගුල්ෆ්රාස් Gulfraz
පැහැදිලි කළේය.ගුල්ෆරාස් Gulfraz පැවසුවේ පෙරවරු 7 ට ආරම්භක වයරය කැඩී ගිය බවත් ඉන් පසුව තවත් කේබල් එකක් බිඳී ගිය බවත් ය.උදේ සිටම මගීන් උදව් බලාපොරොත්තුවෙන් සිටියහ.

පකිස්ථානයේ අන්තර්වාර අග්‍රාමාත්‍ය අන්වරුල් හක් කකාර් Gulfraz Interim Prime Minister Anwarul Haq Kaka විසින් පුටු සෝපානයේ සිරවී සිටින සියලුම පුද්ගලයින් බේරා ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ.පවතින සම්පත් ප්‍රයෝජනයට ගන්නා ලෙසත් කඳුකර ප්‍රදේශවල කේබල් කාර් සඳහා ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ජාතික සහ පළාත් ආපදා කළමනාකරණ ආයතනවලින් ඉල්ලා සිටියේය.
ප්‍රාදේශීය පාසල් ගුරුවරයකු වන සෆාර් ඉක්බාල්ට Zafar Iqbal අනුව කලාපයේ මාර්ග යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් දිනකට සිසුන් 150 ක් පමණ අනතුරුදායක කේබල් කාර් මගින් පාසලට පැමිණේ.

Latest