Skip to content
WorldTech

පිටසක්වල යානාවක් වූ චීනයේ පියාඹන පීරිසිය.

ලොව පළමුවරය නිර්මාණය කරනලද විද්‍යුත් පියාඹන පීරිසියක් චීනයේ ෂෙන්සෙන් නගරයේදී සිය මංගල පියාසැරිය සාර්ථකව සිදුකළ බවට එරට මාධ්‍ය මගින් පෙන්වා දෙයි.

“eVTOL” නමින් නම් කර ඇති මෙම පියාඹන පීරිසිය වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් මෙසේ එලිදැක්වීමට එහි නිර්මාපකයින්ට හැකිවී තිබේ.

මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් හා මීටර් 200ක් නොහොත් අඩි 656 ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතින  අතර පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයෙන් ගමන්කිරීමටද හැකියාව ඇත.

චීනයේ Shenzhen UFO Science and Technology Co ආයතනය විසින් මෙම පියාඹන පීරිසිය නිෂ්පාදනය කර ඇති අතර මෙහි ඇතුලත සිට එය එක් පුද්ගලයෙකුට පාලනය කිරීමට හැකි තරම් විශාල වේ.

මෙම පියාඹන පීරිසිය එරට සංචාරක හා ප්‍රසංග සඳහා පළමු පියවර වශයෙන් යොදා ගැනීමට නිර්මාණ කරුවන්ගේ අවධානය යොමු වී ඇති අතර පසුව මෙම ව්‍යාපෘතිය පුලුල් කිරීමටද පියවර ගෙන ඇතැයි වාර්ථා වෙයි.

Latest