Skip to content

පිරිවෙනයි පාසලයි එකට එක් වි කෑගල්ලේ ලොකුම වෙසක් කලාපය කරපු හැටි.

පාසල් දරුවන් සහ පිරිවෙනෙහි ගිහි සිසු දරුවන් ප්‍රධාන වේදිකාවේ නාට්‍ය සංදර්ශනය ඉදිරිපත් කරමින්...

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් අතර විශාල වෙසක් කලාපයක් ලෙස ජනතාවට දැක ගැනීමට හැකි වු වෙසක් කලාපය සකස් කර තිබුණේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේය. එම වෙසක් කලාපය කලින් පාසල් ක්‍රීඩාංගණය තුල සකස් කිරීමට සැලසුම් කර අඩක් එහි කටයුතු සිදු වෙමින් පවතින විටදි වැසි තත්වය හේතුවෙන් පාසල් භූමියට තුල එය සකස් කර තිබුණී. මේ සඳහා ප්‍රදේශයේ විහාරස්ථ විද්‍යාතන පිරිවෙනේ දරුවන් සහ භික්ෂුන් වහන්සේලා ද එක් වි තිබිම සුවිශේෂි බවකි.
මෙම වෙසක් කලාපයේ සුවිශේෂි අංග රාශියක් ජනතාවට දැක බලා ගැනීමට හැකි වු අතර බොහෝ පහන් කූඩු නිර්මාණය කර තිබුණේ ඉවත දමන දිරා පත් වන කඩදාසි, ගෝනි, පොල් කොළ වැනි දෑ යොදා ගෙන වන අතර ඊට සමගාමීව භක්ති ගී වැඩසටහන් සහ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කර තිබුණි.


මෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් වුයේ හෙම්මාතගම කෑ/මාව සමග්ගෝදය විහාරස්ථානයේ ඇති විද්‍යයායතන පිරිවෙනෙහි ගිහි පැවිදි භික්ෂුන් වහන්සේලා ඇතුලු සිසු දරුවන්ද මෙම වෙසක් කලාපයේ පහන් කූඩු සහ නාට්‍ය භක්ති ගී ඉදිරිපත් කිරීමයි.
මේ පිළිබඳව අපට අදහස් දැක්වු විද්‍යාලයේ විදුහල්පති යූ.ආර් දයානන්ද මහතා අදහස් දක්වමින් පැවසුයේ
'වසර ගණනාවකට පසුව හෙම්මාතගම ප්‍රදේශයේ බුදු තෙමගුල සිහිපත් කරමින් අපේ දරුවන්ට, දරුවන්ගේ සතිමත් බව අපට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු උපදෙස් සියල්ල ක්‍රියාත්මක කිරීමේදි දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම මත මෙම වෙසක් කලාපය ඉදිරිපත් කරන්නට යෙදුනා. මේ සියලු නිර්මාණ අපේ දරුවන්ගේ දෑතින් සිදු කරලා තිබෙනවා ඒ වාගේම බොහෝ නිර්මාණ වලට දිරා පත් වන ද්‍රව්‍ය යොදා ගනිමින් දේශිය දේ යොදා ගනිමින් සකස් කර තිබෙන අතර මේ දරුවන් ඇගයීමකට ලක් කරනන්ටත් අප මේ වන විට කටයුතු කර තිබෙනවා' යැයිද එතුමන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

0:00
/

Latest