Skip to content

ඇටුවත් නැති පුටුවත් නැති හොටෙල් පාසැල

පින්නවල සංචාරක කලාපයේ රුපියල් කෝටි 14 පමන මුදලක් වැයකර ඉදිකල හොටෙල් පාසැල යහපාලන රජය සමයේ පුරවර විශ්වවිද්‍යාලයක් බවට පරිවර්ථනය කිරීමට පියවර ගෙන පිවිසුම් දොරටුව නවීකරණය කලත් මේ වනවිට හොටෙල් පාසැලත් නැති වී පුරවර විශ්වවිද්‍යාලයත් නැති විම පිළිබඳව ජනතාව විමතියෙන් පසුවෙති. 1975 වර්ෂයේ අලි පැටවුන් පස් දෙනකුගෙන් ආරම්භ කල  පින්නවල  අලි අනාථාගාරය නිසා කෑගල්ල රඹුක්කන මාර්ගයේ පින්නවල ප්‍රදේශය ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය විය.  දෙස් විදෙස් සංචාරකයන් පින්නවල නැරඹීමට පැමිණීම නිසා ඒ අවට සංචාරක හෝටල් නිවාඩු නිකේතන අත්කම් භාණ්ඩ අලවි සැල් ඇතුළු විවිධ ආයතන ආරම්භ විය.

පින්නවලට සංචාරකයන් පැමිණීම වර්ධනයත් සමග දෛනික ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවනු ලැබීය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අලි සංරක්ෂණාගාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර එහි පහසුකම් වැඩි කරමින් අධ්‍යාපන අංශයක් ඇති කර පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඇලි ඇතුන් සම්බන්දයෙන් වැඩි දැනුමක් ලබා ගැනීමට කටයුතු සැකසින.

සංචාරක කලාපයක් ලෙස දියුනු වෙමින් පවතින නිසා සබරගමු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කල මහීපාල හේරත් මහතාගේ අදහසක් අනුව ප්‍රදේශයේ සංචාරක හෝටල් සඳහා අවශ්‍ය වෘතීය දැනුමන් සන්නද සේවක පිරිසක් පුහුණු කිරීම සඳහා සබරගමු පලාත් සභාවේ මුල්‍ය දායකත්වයක් මහල් හතරකින් යුත් හොටෙල් පාසැලක්  ඉදිකිරීම 2016 පෙබරවාරි 22 දා ආරම්භ කලේය. ඒ සඳහා රුපියල් මිලියන 140  පමණ  වැය කෙරින මෙම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකෙරින.  ඒ යහපාලන රජය සමයේය වර්ෂ 2019 වනවිට ඉදිකිරීම් අවසන් වනවිට ගෝඨාභය ජනාධිපති වරයා බලයට පත්වු අතර ඔහුගේ අදගසක් ලෙස එක් දිස්ත්‍රික්කය ක් සඳහ එක් විශ්වවිද්‍යාලයක් ලබා දීමේ වැඩ සටහන වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල පවරාගෙන ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වය මත පිවිසුම් මාර්ගය වෙනස් කරමින් විශ්වවිද්‍යාල සඳහා  අවශ්‍ය වෙන අයුරින් වෙනස් කිරීම් සිදුකලේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා 2022 වර්ෂයේ නොවැම්බර් මස මෙම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදහස් කලත් ඔහුගේ ඉවත්විමත් සමග විශ්වවිද්‍යාල වැඩ සටහනත් නතරවී ඇත. මෙම ගොඩනැගිල්ල තුල විදුලි සෝපාන පවා සවිකර ඇති අතර නඩත්තුවක් නොමැතිව ඒවාද දිරාපත් වෙමින් පවති මේ වනවිට භුමියේ ද කැලෑව වැවෙමින් පවතින බැවින් ප්‍රදේශයේ අවශ්‍යතාවයක් ලෙසින් හොටෙල් පාසැල කඩිනමින් සකස් කර දෙන මෙන්ද ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කරයි. එසේ නොවුන හොත් පින්නවල සංචාරක කලාපයේ තිබුන අටුවත් නැත හදන්න ගිය පුටුවත් නැතිවෙනවාය.

ඉදිකල ගොඩනැගිල්ල 

Latest