Skip to content

Philanthropy පිළිබද අඳුරු සත්‍යය

ඔබ කවදා හෝ Charity එකකට මුදල් පරිත්‍යාග කර තිබේද?

එසේ නැති නම් Influencers ලා විසින් සිදු කරන අසරණ මිනිසුන් වෙනුවෙන් සිදු කරන ව්‍යාපෘති සදහා ආධාර කර තිබේද?

එය ඔබට දැනුණේ කෙසේද?

අපෙන් බොහෝ දෙනෙක් අපගේ ජීවිතයේ යම් අවස්ථාවක දී මුදල්, ඇඳුම්, ආහාර, නවාතැන් සහ අපගේ කාලය අන් අයට පරිත්‍යාග කර ඇත. අපි මේ දේවල් කරන්නේ ඒ සඳහා ආපසු දෙයක් අපට ලැබීමේ බලාපොරොත්තුවෙන් නොවේ. බොහෝ විට, අපට ආපසු ප්‍රතිඋපකාර කළ නොහැකි, ඉතා අසරණ කෙනෙකුට උපකාර කරන විට අපට වඩාත් හොඳ හැඟීමක් දැනේ.

ආපසු ලැබීමට කිසිවක් නොමැති වූ විට පවා අනෙකාට දෙයක් ලබා දීමට සලස්වන මෙම පරාර්ථකාමී හැඟීම පුරාණ ග්‍රීකයන් විසින් මානව වර්ගයාගේ ආදරය එසේත් නැති නම් Philanthropia  ලෙස විස්තර කරන ලදී. මීට වසර 2,500 කට පමණ පෙර නිර්මාණය කරන ලද මෙම යෙදුම ප්‍රථම වරට ප්‍රොමිතියස්ගේ පුරාවෘත්තයේදී භාවිතා විය. කතාවේ දී, ටයිටන් දෙවියෙකු වූ ප්‍රොමිතියස් සියුස්ගේ විනාශයෙන් මනුෂ්‍ය වර්ගයා බේරා ගත් අතර ඉන්පසු ඔහු Philanthropos Tropos නොහොත් මනුෂ්‍යත්වයට ආදරය කරන චරිතය යන ගෞරව නාමය ලබා ගත්තේය.

ප්‍රොමිතියස්

මෙම සංසිද්ධිය විස්තර කිරීමට අප දැන් බොහෝ විට භාවිතා කරන යෙදුම Philanthropy වුවද, මනුෂ්‍යත්වයට ආදරය කිරීම තනිකරම ග්‍රීක සංකල්පයක් නොවේ. එකිනෙකාට කරුණාව දැක්වීමේ අදහස ලොව පුරා පුරාණ ශිෂ්ටාචාර තුළ ගැඹුරින් රෝපණය කර ඇත. පුරාණ පෙරදිග ශිෂ්ටාචාරයේ මෙන්ම, මැද පෙරදිග සිට ඊජිප්තුව දක්වා ද, රෝමන් ශිෂ්ටාචාරය දක්වාද එම අදහස පැමිණ ඇත. එය තුන්වන සහස්‍රයේ මුල් භාගයේදී බැබිලෝනියානු ප්‍රජාවන් විසින් ද ප්‍රචාරණය කරන ලද අතර එය ලොව පුරා සිටින සියලුම ඒබ්‍රහමික් ආගම්වල සහ තවත් බොහෝ දේවල හරය වේ.

මළවුන්ගේ පොත වැනි ඊජිප්තු පූජනීය ලේඛනවල, පුරාණ ලෝකයේ මිනිසුන්ට මරණින් මතු ජීවිතයට සාර්ථකව ගමන් කිරීම රඳා පවතින්නේ ජීවිත කාලය පුරාවටම දුක් විඳිමින් සිටින මිනිසුන්ට සිදු කෙරූ කාරුණික ක්‍රියාවන් පිළිබඳ වාර්තාවක් මත බව පැහැදිලි විය. අද අපගෙන් බොහෝ දෙනෙක් මෙම පුරාණ ඉගැන්වීම් කිසිවක් අනුගමනය නොකරන අතර මරණින් මතු ජීවිතයක් ගැන විවිධ අදහස් වලින් පිරී ඇති නමුත්, ඔවුන් ඉගැන්වූ පණිවිඩය සහස්‍ර ගණනාවක් පුරා අප සමඟ රැඳී තිබේ.

එබැවින්, 1700 ගණන්වල බටහිර රටවල ධනවාදය සහ ධනය සමුච්චය වීම ආරම්භ වූ විට, පොදු යහපත ප්‍රවර්ධනය කිරීම සඳහා තම ධනයෙන් විශාල මුදලක් ස්වේච්ඡාවෙන් දීමේ ක්‍රියාව සිදු කරන ධනවත් දානපතියන් (Philanthropists) බිහිවීම අරුමයක් නොවේ. අද වන විට අප බොහෝ විට පරිත්‍යාගශීලිත්වය (Philanthropy) සමඟ ඇසුරු කරන මෙම අතිවිශිෂ්ට දීමනා ප්‍රථමයෙන් ප්‍රචලිත කරනු ලැබුවේ නූතන පරිත්‍යාගශීලිත්වයේ පියා ලෙස සැලකෙන ජෝර්ජ් පීබොඩි වැනි ධනවත් බැංකුකරුවන් විසිනි. පීබොඩි යනු දරිද්‍රතාවයේ සිට ඉහළට පැමිණි ඇමරිකානු වෙළඳ බැංකුකරුවෙකි. 19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ඔහුගේ ධනය රැස් කිරීමෙන් පසු, ඔහු කිසි විටෙකත් ඔහුගේ නිහතමානී ආරම්භය අමතක නොකළ අතර ඔහුගේ ජීවිතයේ පසු කාලය පුණ්‍ය කටයුතු සඳහා කැප කළේය. ඔහු තම ඩොලර් මිලියන 16 ක ධනයෙන් ඩොලර් මිලියන 8 ක් පමණ පුණ්‍යායතන සඳහා ලබා දුන් බව විශ්වාස කෙරේ. ඔහුගේ ඇදහිය නොහැකි කාරුණිකත්වය පසුකාලීන ධනවත් දානපතියන් සඳහා මග පෑදීය.

ජෝර්ජ් පීබොඩි

කනගාටුවට කරුණක් නම්, අද අපට ඇත්තේ පීබොඩි තම ධනයෙන් අඩක් ලබා දෙමින් සිදු කර මානුෂීය ක්‍රියාව නොවේ. උපකාරය ලබා දීමේ සංකල්පයෙන් ආරම්භ වූ Philanthropy වල හරය අද වන විට පරිත්‍යාගශීලීත්වය නොවේ. බදු පැහැර හැරීම් සහ පුද්ගලික දේශපාලන වාසි විසින් ලෝකයේ ධනවත්ම පුන්‍ය ක්‍රියාවන් කරන මිනිසුන්ගේ දෑත් අපිරිසිදු කර ඇති අතර සමාජ පන්ති අතර විශාල පරතරයක් ඇති කරමින් එය දිනෙන් දින වර්ධනය වෙමින් ලෝකය තුල බදීමක් ඇති කර ඇත.

නමුත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්ද?

ඔබට පුණ්‍ය කටයුතු සඳහා මුදල් ලබා දීමෙන් ලැබෙන ඒ විශ්මිත හැඟීම ප්‍රකෝටිපතියන් සහ විශාල සමාගම් සඳහා දූෂිත වැඩපිළිවෙළක් බවට පත් කළේ කෙසේද?

මෙය තේරුම් ගැනීමට නම්, අපි 19 වන සියවසේ අවසානය දක්වා ආපසු යා යුතුය.

ඇමරිකානු කර්මාන්තකරුවෙකු වන ඇන්ඩෘ කානගී, බදු පැහැර හැරීමේ උපාය මාර්ගයක් ලෙස පරිත්‍යාගශීලී වැඩ සඳහා මංපෙත් දැල්වීය. කානගී ෆෙඩරල් ආදායම් බදුවලට විරුද්ධ වූ අතර රජයට වඩා එම අරමුදල් පුණ්‍යායතනවලට වෙන් කිරීම වඩා හොඳ බව තර්ක කළේය. එකල අති ධනවතුන්ගේ සමාජ සත්කාරය රජයට දරාගත නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම පුණ්‍යාධාර මුදල් සඳහා ධනවතුන්ට බදු පැනවීම සිදු කිරීමෙන් පුණ්‍ය ක්‍රියා සදහා ඔවුන්ගේ දායකත්වය අඩු වී රජයට බර වැඩි වනු ඇතැයි සෙනෙට් සභිකයෝ කනස්සල්ලට පත්වූහ. එය අද දක්වාම පවතින තර්කයකි.

ඇන්ඩෘ කානගී

මෙම ගැටලුවට රජයේ විසඳුම වූයේ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන ලද මුදල් සඳහා ආදායම මත බදු නිදහස් කිරීමයි. මෙම ව්‍යවස්ථාදායක පියවර මගින් බදු නිදහස් කිරීම් වලින් ප්‍රයෝජන ගැනීමෙන් පුණ්‍ය භාරයක් (Charitable Trust) ආරම්භ කළ කානගී විසින් නව ධන කළමනාකරණ උපාය මාර්ග ලෝකයට විවර කළේය. වැඩි කල් යන්නට මත්තෙන්, ධනවත් කර්මාන්තකරුවන් සහ බැංකුකරුවන් පුණ්‍ය භාර ආවරණය යටතේ සැලකිය යුතු ලෙස බදු වලින් ඔවුන්ගේ ධනය ආරක්ෂා කර ගනිමින් කානගීගේ අඩිපාරේ යාමට පටන් ගත්හ. 2014 දී, GoPro හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිකලොස් වුඩ්මන්, ඔහුගේ සමාගම ප්‍රසිද්ධියට පත් කළ අතර එයින් ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන 3 ක් වටිනා විය. ඔහුගේ අලුතින් අත්පත් කරගත් වාසනාව සැමරීම සඳහා, වුඩ්මන් නිවේදනය කළේ ඩොලර් මිලියන 500ක් වටිනා GoPro තොගයක් ඔහුගේ නම දරන පදනමකට (Charity) පරිත්‍යාග කරන බවයි.

නිකලොස් වුඩ්මන්

සත්‍යය වන්නේ GoPro ප්‍රධාන විධායක නිලධාරියා ඔහුගේ පෞද්ගලික මුදල් පරිත්‍යාග කිරීමකින් තොරව පරිත්‍යාග කිරීමට ඉඩ සලසන Loophole එකකින් ප්‍රයෝජන ගත්තේය. මෙය සිදු කරනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ උපදෙස් සහිත අරමුදලක් (DAFs) හරහා ය. පරිත්‍යාගශීලීන් විසින් උපදෙස් දෙන අරමුදල් ඇත්තෙන්ම පුණ්‍යායතන ආයෝජන ගිණුම් වන අතර එහි හිමිකරුවන්ට නීත්‍යානුකූලව මුදල් වහාම පුණ්‍යායතනවලට ලබා දීමට පෙර බදු අඩුකිරීම් කල්තියා ඉල්ලා සිටිය හැක. පුණ්‍ය කටයුතුවල උපක්‍රමය යටතේ මුදල් මෙම අරමුදල්වලට මාරු කරන තාක් කල්, අයිතිකරුවන්ට පුණ්‍යායතනවලට හෝ පදනම්වලට පරිත්‍යාග නොකර ඉහළ බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකිය.

2007 සිට එක්සත් ජනපදයේ DAF සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වීම පුදුමයක් නොවේ. තවද සෑම වසරකම පරිත්‍යාග කරන මුදල් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර, ප්‍රජාවන් වෙත යන සැබෑ මුදල ඉතා කුඩා වේ. මේ ගැන මොහොතක් සිතන්න. 2020 දී එක්සත් ජනපදයේ පරිත්‍යාග කළ ඩොලර් බිලියන 466 න්, සුදුසුකම් ලත් පුණ්‍යායතන සඳහා ගියේ ඩොලර් බිලියන 34.67 ක් පමණි.

එය විශාල මුදලක්, ඔව්.

නමුත් ධනවතුන් ඔවුන් දෙන බව ඔබ විශ්වාස කරන මුදල තරම් එය විශාල මුදලක් නොවේ.

යථාර්ථය නම්, මෙම ප්‍රකෝටිපතියන්ට ඔවුන්ගේ මුදල් ඔවුන් කැමති ආකාරයට වියදම් කිරීමට අයිතියක් ඇත. තවත් දිනක ප්‍රකෝටිපතියෙකු වීමේ ආචාර ධර්ම ගැන අපට තර්ක කළ හැකිය. නමුත් ඔවුන් එහි පැමිණියේ ඔවුන්ගේම කුසලතාව මත යැයි කියමු, ඔවුන්ට කිසිවක් දීමට අවශ්‍ය නැත.

ඉතින් මට තියෙන ප්‍රධානම ප්‍රශ්නය එයාල දෙන්නෙ නැති එක නෙවෙයි, ඇත්තටම දෙනවට වඩා දෙනව කියල කියන එක.

වීරකමක් නොකර වීරයෙක් ලෙස පෙනී සිටීමේ අවශ්‍යතාවයයි.

උදාහරණයක් ලෙස ඊලෝන් මස්ක් ගන්න. පසුගිය වසරේ ඔහු නිවේදනය කළේ ඩොලර් බිලියන 5.7ක් වටිනා ටෙස්ලා Shares හෙළි නොකළ පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බවයි. කෙසේ වෙතත්, අද දක්වාම, කිසිදු පුණ්‍යායතනයක් මස්ක්ගේ පරිත්‍යාගයෙන් අරමුදල් ලැබුණු බවක් වාර්තා කර නැත. බොහෝ ප්‍රවීණයන් උපකල්පනය කරන්නේ ඔහු මුදල් DAF එකකට විසි කළ බවයි.

මූල්‍යමය වශයෙන් ගත් කල, ඩොලර් බිලියන 5.7 ක් වටිනා ටෙස්ලා Shares තොගයක් පරිත්‍යාග කිරීම නිසා මස්ක්ට ඔහුගේ ගැලපුම් කළ දළ ආදායමෙන් 30% ක බදු අඩු කිරීමක් ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේය. එය බදු මත ඉතිරි වූ ඩොලර් මිලියන 570 ක දැවැන්ත මුදලකි. ඉතින්, මස්ක්ගේ පුණ්‍යකර්මයෙන් එකම ප්‍රතිලාභියා මස්ක් බව පෙනේ. පළමුව බදු අඩුකිරීම් මත, දෙවනුව ඔහු න්‍යායාත්මකව මෙතරම් මුදලක් පරිත්‍යාග කළ නිසා ලැබුණු මහජන ප්‍රශංසාව මත.

ඊට මාස කිහිපයකට පෙර, එලොන් ට්වීට් කළේ ඔවුන් මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් එක්සත් ජාතීන්ට පෙන්විය හැකි නම්, ලෝක කුසගින්න නිමා කිරීමට ඩොලර් බිලියන 6ක් පරිත්‍යාග කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඩොලර් බිලියන 6කින් ලෝක කුසගින්න නිරාකරණය නොවන නමුත් සාගතයේ අද්දර සිටින මිලියන 42 ක ජනතාවක් බේරා ගත හැකි බවයි.

එකතු කරන ලද ආදායම් අරමුදල්වල සිට පුද්ගලික පදනමේ සිට DAF දක්වා, පරිත්‍යාගශීලිත්වය අද සිදු කරන්නේ ආදායම් අසමානතාවයේ ප්‍රශ්නය විශාල කිරීම සහ ධනයේ දැනටමත් සැලකිය යුතු පරතරයක් එකතු කිරීම පමණි.

“පරිත්‍යාගශීලීත්වය” යන වචනයේ තේරුම තවදුරටත් පුණ්‍යායතනවලට දීම පමණක් නොවේ. දැන්, එය සමාජීය හෝ සිවිල් හේතු ප්‍රවර්ධනය කරන කණ්ඩායම්වලට ලබා දීම විස්තර කිරීමට ද භාවිතා වේ. මෙම කණ්ඩායම්වලට ඔවුන්ගේ පරිත්‍යාගශීලීන් සම්පූර්ණයෙන්ම නිර්නාමිකව තබා ගත හැකි අතර එමඟින් ප්‍රකෝටිපතියන්ට දේශපාලන වාසි සඳහා ඔවුන්ගේ පරිත්‍යාගශීලීත්වය ආයුධ කිරීමට බලය ලබා දේ.

ගවේෂණාත්මක වාර්තාකාරිනියක වන ජේන් මේයර් "Dark Money" නම් වී ඇගේ පොතේ, පොහොසතුන් ඔවුන්ගේ පුණ්‍යායතන භාවිතා කර "උපරිම උපායමාර්ගික බලපෑමක් සඳහා තම ධනය උද්දීපනය කරමින්, ව්‍යාපාර ධනපතියන් වැනි දෘෂ්ටිවාදය සඳහා ආයෝජනය කර ඇති" ආකාරය ලේඛනගත කරයි. මේයර් තර්ක කරන්නේ රෙගුලාසිවලට එරෙහිව උද්ඝෝෂණ කිරීම සහ මහජන හදවත් තුළ වැරදි තොරතුරු වැපිරීම මගින් ඔවුන්ගේ මූල්‍ය සපයන්නන්ට ප්‍රතිලාභ ලබා දෙන අරමුණු සඳහා පමණක් මෙම පදනම් සහාය දෙන බවයි.

ජේන් මේයර් විසින් රචිත Dark Money පොත

නිදසුනක් වශයෙන්, ඔලින් පදනම පරිසර විරෝධී ව්‍යාපාර ගණනාවක් මෙහෙයවීය. ඩොලර් බිලියන 1.6කින් අරමුදල් සපයන ලද බ්‍රැඩ්ලි පදනම ගුරු සංගම්වලට සහ සාම්ප්‍රදායික රජයේ පාසල්වලට එරෙහිව ආක්‍රමණශීලී ව්‍යාපාර දියත් කළේය. මෙම පදනම්වලට ලැබෙන පරිත්‍යාගවලට බදු අඩු කළ හැකි බැවින්, පරිත්‍යාගශීලීන් ඔවුන්ගේ මුදල් මහජන භාවිතය සඳහා වගකියන්නේ නැත. එය ඔවුන්ගේ බලය සහ බලපෑම වැඩි කරයි. තවද මෙම පරිත්‍යාග සම්පූර්ණයෙන්ම නිර්නාමික විය හැකි බැවින්, එය ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගකීමෙන් ඉවත් කරයි.

අපේ සමාජයේ කනගාටුදායක යථාර්ථය නම් මෙය අලුත් දෙයක් නොවන බවයි. ධනවතුන් සෑම විටම තම ධනය ගොඩනඟා ගැනීම සහ ආරක්ෂා කර ගැනීම හිතකර දේශපාලන තත්වයන් මත රඳා පවතී. ඔවුන්ගේ මුදල් විසින් ආණ්ඩුවලට බලපෑම් කළ හැකි බව මහා පරිත්‍යාගශීලි ධනපතියන් විසින් හොදින් දන්නා කරුණකි. බිල් ගේට්ස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි ඇසූ විට ඔහු මෙසේ පැවසීය.

“ඕනෑම දේශපාලන භූමිකාවකදී මට හැකි තරම් බලපෑමක් (දානපතියෙකු ලෙස) මගේ භූමිකාව තුළ මට කළ හැකිය. මට දේශපාලන ව්‍යාපාර මතු කිරීමට අවශ්‍ය නැත, මට තේරී පත්වීමට උත්සාහ කිරීමට අවශ්‍ය නැත, මම වසර 8 කට සීමා වී නැත…”

සාධාරණව කිවහොත්, බිල් ගේට්ස් සහ ඔහුගේ පදනම මැලේරියාව සහ ළමා මරණ අවම කිරීම වැනි සෞඛ්‍ය අර්බුදවලට එරෙහිව සටන් කිරීම සඳහා විශාල මුදලක් කැප කර ඇත. ඔහුගේ බොහෝ ක්‍රියාවන් මනුෂ්‍යත්වයට ආදරය යන වචනයේ මුල් නිර්වචනයට සත්‍ය වන අතර ඔහු අතීතයේ කර ඇති සමහර අඳුරු දේවල් තවමත් තිබේ. මීට වසර කිහිපයකට පෙර, ඡන්දදායකයින් තුන් වතාවක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද වරලත් පාසල් සඳහා පනතක් සම්මත කිරීමට දැඩි ලෙස බලපෑම් කිරීමට ගේට්ස් සමත් විය. ඔවුන්ගේ තීරණය වෙනස් කිරීමට ප්‍රජාවට බලපෑම් කළ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන ගණනක් වියදම් කිරීමෙන් පසුව, පනත සිව්වන වරටත් සම්මත විය. ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරන තුරු වහාම වාගේ, ගේට්ස් වරලත් පාසල් සඳහා සහනාධාර ලබා දීමට පටන් ගත්තේය.

බිල් ගේට්ස්

නමුත් බිල් ගේට්ස් එය නවත්වයිද?

නැහැ.

ඔහු හුදෙක් නීති සම්පාදකයින් සමඟ ඇති ඔහුගේ බලපෑම භාවිතා කර ඔහුට මෙම වරලත් පාසල් සඳහා අරමුදල් සපයා ගත හැකි වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මග හැරීමට ඉඩ සැලසීම සඳහා නව පනතක් සඳහා අරමුදල් සම්පාදනය කළේය.

ධනය රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි බවට මෙය කදිම නිදසුනකි. ධන කුවේරත්වය හෙවත් සමාජයේ බලය ධනවතුන් අතට පත් කිරීම, අපගේ නීතිවලට වලකැපීමට සහ ධනවතුන්ගේ අභිමතයට අපව ගොදුරු කර ගත හැකිය. යහපත් චේතනාවක් තිබුණත් නැතත්, කෙතරම් ධනවත් වුවත්, සියලු මිනිසුන්ගේ ජීවිත මිනිසුන් කිහිප දෙනෙකුගේ අතේ නොවිය යුතුය. අපගේ සමාජ-ආර්ථික තරාතිරම නොතකා, අපගේ ජීවිතයට අදාළ කාරණා සම්බන්ධයෙන් අප සැමට අදහස් තිබිය යුතුය.

වොරන් බුෆේ

2010 දී ගේට්ස් සහ වොරන් බුෆේ විසින් දියත් කරන ලද Giving Pledg එනම් මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා අවම වශයෙන් තම ධනයෙන් අඩක් පරිත්‍යාග කිරීම යන සංකල්පයට ප්‍රතිඥා දී ඇති අති ධනවත් අත්සන් කරුවන් 200 කට වඩා ඇත. මෙය විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර ප්‍රශංසා කළ යුතු එකක්ද වේ. මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීම කිසි විටෙක පහසු විය නොහැකි බැවින් එම උත්සාහය පිළිගත යුතුය. කෙසේ වෙතත්, ඒ සමඟම, අපි කාසියේ අනෙක් පැත්ත සහ මෙම ප්‍රකෝටිපතියන්ගේ ක්‍රියාවලිය තුළ මෙතෙක් කෑදර ලෙස රැස් කරන බලය දෙස බැලිය යුතුය.

“Winners Take All” නම් කෘතියේ ආනන්ද් ගිරිධරදාස් තර්ක කරන්නේ අසාධාරණයේ ආර්ථිකයක් වෙනුවෙන් බලපෑම් කළ ධනවතුන් එකවරම අපගේ ගැලවුම්කරුවන් ලෙසත් අපගේ සියලු ගැටලුවලට විසඳුම ලෙසත් අපට අලෙවි කර ඇති බවයි. කෙසේ වෙතත්, එසේ කිරීමේදී මෙම ගැටළු බොහොමයක් තමන් විසින්ම ඇති කරන ඒවා බව ඔවුන් සූක්ෂ්ම ලෙස සඟවයි.

ආනන්ද් ගිරිධරදාස් විසින් රචිත Winners Take All පොත

යථාර්ථය මෙයයි. මෙතරම් මුදල් හා බලය ඇති මිනිසුන් ස්වල්පයක් සිටින තාක් කල්, අපට ඉතිරි අයට කිසිවක් පැවසිය නොහැක. මනුෂ්‍යත්වයට ඇති ආදරය එකම බලවේගය වූ පරිත්‍යාගශීලිත්වයේ මුල් අර්ථය වෙත අප ආපසු යා යුතුය. මුදල්, බලය හෝ පාලනය නොවේ. කිසිම දෙයක් පරිත්‍යාග නොකර මුදල් පරිත්‍යාග කිරීමෙන් මිනිසුන්ට වාසියක් ලබා දෙන ක්‍රමයේ ඇති හිඩැස් අපි වසා දැමිය යුතුයි. එසේ සිදු නොකළ හොත් දේශපාලන න්‍යාය පත්‍ර ඇති වීරයන් යැයි කියන අයට පැමිණ ඔවුන් අප වෙත ගෙන ආ ප්‍රශ්නවලින් අපව ගලවා ගැන්නා තෙක් අපට බලා සිටීමට සිදුවනු ඇත.

Latest