ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් දර්ශකයෙ ප්‍රමුඛ ස්ථානයක පවතින මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ වැජඹෙන මෙරට කීර්තිමත්ම හා සුන්දරතම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහජනතාව උදෙසා විවෘත දිනයක් වශයෙන් ප්‍රකාශ කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර 80 ක් පීරිමට සමගාමීව මෙම විවෘත දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයක් මෙලෙස මහජනයාට විවෘත දිනයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බව විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
ඒ අනුව 01 දින විශ්ව විද්‍යාලයේ සියළුම පීඨයන් (පීඨ 09 ක්) මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර විවෘත දිනයේ සමාරම්භක උත්සවය සනාතන මන්දිරය හා විශ්වවිද්‍යාලයේ පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.
ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයන් අතර නම රැන්ඳූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය සියැසින්ම විඳගැනීමට මෙන්ම විශ්වවිද්‍යායීය ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථයින් හමුවීමටත්, ඔවුන් සමඟ සාමූහිකත්වයෙන් කටයුතු කර විවිධ අංශයන්ගේ හා විවිධ පාඨමාලාවන්ගේ අධ්‍යාපන පරාසයන් පිළිඹඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙම විවෘත දිනයේදී “Open Day 2023” විශ්වවිද්‍යාලයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවට අවකාශ සැලසුණි.
එසේම විවෘත දින විශ්වවිද්‍යාලයට පැමිණි ජනතාවට විශ්වවිද්‍යාලය වටා මාර්ගෝපදේශනය සහිත චාරිකාවන්ට සහභාගි වීමට, විද්‍යා ප්‍රදර්ශනයන් නැරඹීමට මෙන්ම නර්තන, ගායන හා සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අංගයන්ද දැක බලා ගැනීමට අවකාශ සලසා තිබූ අතර ආහාර පාන වර්ග සහිත වෙළඳ කුටි මෙන්ම විද්‍යාර්ථයින්ගේ සමිති හා සමාජයන් පිළිඹඳව දැනුවත් කිරීම සඳහා ඉදිවූ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක්ද උත්සව භූමිය තුළදී දැක බලා ගැනීමට අවස්ථාව සලසා තිබුණි.
තවද උසස් අධ්‍යාපනය පිළිබඳ ඔබේ ගැටළු හා විමසීම්වලට පිළිතුරු ලබාදීමට ඒ සෑම ස්ථානයකම රැදී සිටින විද්‍යාර්ථයින් සමඟ ඔබට අදහස් හුවමාරු කර ගැනීමටද ඉඩ හසර සැලසෙනු ඇත.
එපමනක් නොව විශ්වවිද්‍යාලය සතු විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් හා අනෙකුත් අධ්‍යාපනික සම්පත් මෙන්ම කලා කටයුතු සම්බන්ධ විශේෂිත ස්ථානයන් හා තත්වයන් පිළිඹඳව විශ්ලේෂණය කිරීමට ද මේ මගින් අවස්ථාව හිමි වූ අතර යම් දිනයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම උසස් පෙළ හදාරණ සිසුවකු ගේ සිහිනයක් නම් එදිනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම සිසුන් වෙනුවෙන් මඟ බලා සිටින පර්යේෂණ හා නව නිපැයුම් අවස්තා හඳුනා ගැනීමට ද මෙය මහඟු අවස්ථාවක්ද වීය .
පසුගියදා යුනිස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් වශයෙන් නම් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය සතු පෞරාණික මහාවංශය පුස් කොලපොත දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවද මෙදින මහජනතාවට හිමි වූ තවත් භාග්‍යයකි.
විවෘත දින සමාරම්භක අවස්ථාවට සමගාමීව විශ්ව විද්‍යාලයේ දීර්ඝ සේවා කාලයක් නිමකල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය උදෙසා ඇගයිම් සහතික ප්‍රදානය කිරීමද සිදු වූ අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් විශ්වවිද්‍යාල කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස්, උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් හිටපු උපකුලපතිවරු, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ හා ගිහි පැවිදි ආරාධිත පිරිසක්ද එක්ව සිටියහ.
පාසල් සිසුන්, උසස් අධ්‍යාපනය හදාරන තරුණ පිරිස්, දෙස් විදෙස් ජනතාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අති විශාල ජනකායක් එදින උදෑසන සිට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අතර මෙය විශ්ව විද්‍යාල ඉතිහාසයේ වැඩිම ජනතාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණි දිනය වශයෙන් ඉතිහාසගතවේ.
