Skip to content

පහළ කඩුගන්නාවේ සුන්දරත්වය විනාශ කරන්න රිලවුන්ට උදව් කරන මිනිස්සු

අද උදේ පත්තරයේ විස්තරයට කියනවා දැක්කා කාෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා කවුරු මොනවා කිව්වත් රීලවුන් චීනයට යවන වැඩේ අතහරින්නේ නැහැ කියලා ඒ විදිහට රිළවුන් ගැන වැඩියෙන් කතා වන කාලයක කෑගල්ලේ පහල කඩුගන්නාව ප්‍රදේශයේද රිලවුන් නිසා ඇති වි තිබෙන ගැටලු මහ ගොඩකි. සමහර අය නම් කියන්නේ දරුවන්, කාන්තාවන් තනිවම සිටියොත් අතේ තියෙන දේ උදුරා ගෙන දුවන සියලුම කුණු බක්කි අවුස්සා දමා ඒ අවට පරිසරයට පොලිතින් සහ ප්ලාස්ටික බෝතල් දමා විනාශ කරන රිලවුන් දැන් දැන් මාවනැල්ල ප්‍රාදේශිය සිමාවේ ඇති පහල කඩුගන්නාව පළතුරු කඩ පෙළිය අවට නරඹන්නන් සේම වෙළෙදුන්ද අපහසුතාවයට ලක් වෙන අයුරින් ඇසිරෙන බවයි.
මෙම සුන්දර ස්ථානයේ දිනපතා බොහෝ දෙනෙක් වාහාන නවත්වා සිරි නරඹන්නට පුරුදු වි සිටිනවා. අවට කදු පන්ති සේම සුන්දර වටපිටාව පහත් බිම යනආදිය මෙ ස්ථානයට ඉතා අලංකාරව දැක ගත හැකියි. නමුත් මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විසින් සතුන්ට ආහාර දැමිමට පුරුදු වි ඇති නිසා දැන් මෙ ස්ථානයේ රිලා රංචු විශාල වශයෙන් සිටිනවා.
අපි එහි ගොස් ටික වේලාවක් සිටින විට පවා රිලවුන් විසින් එම ස්ථානයේ කැලි කසල බැහැර කිරිමට මාවනැල්ල ප්‍රාදේශීය සභාව විසින් තබා ඇති ප්ලාස්ටික් කුණූ භාජන වල කුණු විවෘත කර ඒවා එළියට ගන්නා රිලවුන් කෑම ඔතා ඇති පොලිතින් මළු, ඉවත ලන ප්ලාස්ටික් බොතල් සහ නොදිරන ද්‍රව්‍ය ගෙන ඒ අවට ගස් කොළන් සහ ගල් උඩට ගෙනවිත් දමන අයුරුද දැක ගැනිමට හැකි විය.
එමෙන්ම කුඩා ළමුන්, කාන්තාවන් බඩ ඉරිගු පැණී පුහුල් වැනි ඔනෑම කෑමක් හුදකලා වි අනුභව කරන විට ක්ෂණිකව රිලවුන් පැන ඒවා උදුරා ගෙන යයි. ඒ නිසා කිහිප දෙනෙක් තුවාල වු අවස්ථාද මිට පෙර වාර්තා වු බව එහි කඩ හිමියෝ අපට කිවාය. එමෙන්ම මෙහි නවත්වන වාහාන වලට පැණ පැති කණ්ණාඩි අඹරා ගලවා දමන බවද සමහර අය අපට කිවාය.
එක් පැත්තකින් මෙ සුන්දර පරිසරය රිලවුන් නිසා විනාශ වනවා අනික් පැත්තෙන් ජනතාව පහත් බිමට ඉවත දමන නොදිරන ද්‍රව්‍ය නිසා එම පරිසරය විනාශ වන අතර ඒවා පහත් බැවුම දෙසට ජල උල්පත් හරහා ගලා ගෙන යන අතර ඇල දොළ මාර්ග සමග එකතු වි දැඩි පාරිසරික හානියක් ඉවක් බවක් නැති කටයුතු නිසා සිදු වෙනවා.
මෙ පරිසරය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර පවත්වා ගැනිමට බලධාරීන්ගේ සේම ජනතාවගේද වගකිමකි.

Latest