Skip to content

හෙම්මාතගම නල ජලයේ භූමිතෙල් ගඳක් වහනය වන බව ප්‍රදේශ රැසක ජනතාව පවසයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබා දෙන හෙම්මාතගම නගරය සහ අවට ගම්මාන 15 කට අධික ප්‍රමාණයකට 22 වැනි දින සිට ලබා දෙන ජලයේ භූමිතෙල් සැරක් වහනය වන බවත් සමහර ප්‍රදේශවල එම ජලයේ තෙල් කවලම් ගතියක් ඇති බව ජනතාව මැසිවිලි නගති.
මේ සම්බන්දයෙන් ජනතාව ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල් පතේ ඇති මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලය මේ බව දැනුම් දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව 22 වැනි දින එම දුරකථන ඇමතුම් වලට සවන් දුන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු පවසා තිබුණි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නිවාඩු දිනයක් බැවින් සේවකයන්ගේ අඩුවක්ද ඇති බවයි.
මේ සම්බන්දයෙන් ජනතාව දිගෙන් දිගටම දැනුවත් කිරීම් සිදු කිරිමෙන් පසුව 23 වැනි දින පස්වරු 3 පමණ වන විටත් හෙම්මාතගම නගරය ඇතුලු ගම්මාන සියල්ලගේම ජලය ලබා දීම උදෑසන සිට තවකාලීකව නවතා තිබුණි.
කිසිදු දැනුම් දිමකින් තොරව මෙසේ ජලය ලබා දීම අත්හිටුවා ඇති නිසා බොහෝ පිරිසක් පිඩාවට පත් වි තිබු අතර මේ හේතුවෙන් හෙම්මාතගම නගරයේ රජයේ රෝහල විහාරස්ථාන ඇතුලු කඩ සාප්පු ආපන ශාලාවල පිරිස් අපහසුතාවයට ලක් වි තිබුණි.
කෙසේ වෙතත් ජනතාව පවසන්නේ කිසිදු දැනුම් දිමක් නොමැතිව ජලයට විවිධ දේවල් එක් කොට හෝ යම් ක්‍රමයකින් මෙවැනි රසායනිකයක් එක් විම අවදානම් සහගත තත්වයක් වන නිසා ඒ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම ඉතා බලධාරීන් විසින් කඩිනම් කර යුතු අතර ඒ සම්බන්දයෙන් ජනතාව ද දැනුවත් කිරීම වැදගත් වන බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් තවමත් හෙම්මාතගම නගරය සහ අවට ගම්මාන වල පවුල් 3,500 කට වැඩි පිරිසකට ලබා දෙන ජලය කිසිදු පිරිසිදු කිරීමකට ලක් නොකර ලබා දෙන අතර, පසුගිය මාසයේ නෙදර්ලන්ත ආධාර යටතේ මිලියන 18,650 ණය අධාර යටතේ විවෘත වු හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතියේ ජලය මේ වන තෙක් හෙම්මාතගම නගරයට මෙන්ම අවට ගම්මාන වලට සැපයීම සිදු කර නොමැති අතර එය කඩිනමින් ලබා දීම මගින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වෙන අතර මෙවැනි අපහසුතා වලට ජනතාව පත් විමක්ද සිදු වන්නේද නැත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප මාධ්‍ය මගින් පාරිභෝගික පැමිණිලි අංකය වන 035 2246014 අංකයට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාවනැල්ල කාර්යාලයට ඇමතුම් ගණනාවක් ලබා ගත්තද එම අංකයට නාද වුවද ඒ ගැන තොරතුරක් ලබා ගැනීමටද නොහැකි විය.
කෙසේ වෙතත් පහත ජායාරූප වල ඇත්තේ කිසිදු පිරිසිදු කිරීමකට ලක් නොකර දැනට වසර ගණනාවක සිට හෙම්මාතගම සහ අවට ගම්මාන වලට ජලය බෙදා හරින ඇටම්පාවල ජල ටැංකියයි. එම ටැංකියට ජලය ලබා ගන්නේ මා ඔය මගින්ය.

Latest