පෑලියගොඩ හා ඒ අවට ප්‍රදේශවාසීන් සඳහා පෑලියගොඩ නගර සභාව වෙත ගෙවිය යුතු වරිපනම් බදු කලට වේලාවටත් , නගර සභාව වෙත නොපැමිණ ලොව කොතැනක හෝ සිට ගෙවීමටත් හැකිවන ලෙස නව අන්තර් ජාල වෙබ් අඩවිය හඳුන්වාදීම ඊයේ (ජූලි 21) සිදුවිය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා පරිශ්‍රයේදී නව වෙබ් පිටුව එළි දැක්විණ. ඒ අනුව www.peliyagoda.uc.gov.lk යන කේතය ඔස්සේ එම ප්‍රදේශයේ ජනතාව හට දැන් සිය වරිපනම් ගෙවීම් කටයුතු පහසුවෙන් online සේවාවන් හරහා සිදු කර ගත හැක.
මෙම online සේවාව ලංකා බැංකුව සහ NEKFA පුද්ගලික සමාගම එක්ව ක්‍රියාත්මක කර ඇත.


