Skip to content

පදික මං තීරු නෑ. පාසල් දරුවන් ජනතාව ජීවිත අවදානම් ගමනක

හෙම්මාතගම නගරයේ පදික මං තීරු නොමැති කම නිසා පාසල් දරුවන් සහ ජනතාව ජිවිත අවදානම් සහිත ගමනක නිරත වන අයුරු අද 27 පස්වරුවේ දැක ගැනීම හැකි විය.
නගරය මැදින් ඒ මේ අත යන බස් රථ ඇතුලු රථ වාහාන අතරින් පාසල් දරුවන් ජනතාව එහා මෙහා යන අතර පදික මං තීරු නොමැතිකම මෙම තත්වයට බලපා ඇත.
මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මං තීරු දෙකට මෙම මාර්ගය 2018 වසරේ සකස් කරන ලද්දේ රුපියල් මිලියන 5670 ක මුදලක් රජය මගින් වැය කරමින්ය. නමුත් ගම්පොල සහ මාවනැල්ල නගරය අතර පිහිටි හෙම්මාතගම නගරයේ මාර්ගය සකස් කිරීමේදි පදික මං තීරු සකස් නොකිරීමෙන් මෙම අනතුරුදායක තත්වය මේ වන විට ඇති වි තිබෙනවා.
ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයකට වාහාන නැවැත්විමට නීතියක් ක්‍රීයාත්මක නොකිරීමෙන් සතියේ සෑම දිනකම වාහන මාර්ගය දෙපස නවත්වයි. ජනතාව විසින් අවස්ථා ගණනාවකදි මේ සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය මාවනැල්ල ප්‍රාදේශිය සභාව දැනුවත් කර ඇති අතර මාවනැල්ල ප්‍රාදේශිය සභා රැස්විම් වලදි මාධ්‍යවේදින් සිටින රැස්විම් වලදි මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කර ඇති අතර මේ දක්වාම ඒ වෙනුවෙන් විසදුමක් නොමැති බව දැක ගත හැකි විය.
මෙම මාර්ගය සම්බන්දයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලද කතා බහට ලක් වි ඇත. කෙසේ හෝ මාර්ගය නියමිත පළල හෙම්මාතගම නගරය තුල මාර්ග සංවර්ධනයේදි ඇති කරා නම් අද වන විට නගරයේ මෙවැනි තත්වයක් ඇති නොවෙන්නට ඉඩ තිබුණි.

මේ වන විට කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන මාර්ග වලට පහසු ගමන් මාර්ගයක් ලෙස මාවනැල්ලේ සිට ගම්පොල නගරයට, නුවරඑළියට, නාවලපිටිය, ගිනිගත්හේන යන නගරවලට යෑමට ඇති පහසු ගමන් මාර්ගයක් නිසා මෙම මාර්ගය භාවිතා කරන වාහානද දෛනිකව වැඩි වි ඇත. එවැනි ගමන් මාර්ගයක අතරමැදි නගරයක් ලෙස මාර්ගය සකස් කිරීමේදි මීට වඩා සැලසුමකින් එය සිදු කරන්නට තිබුණි.

Latest