Skip to content

ලංකාවට එන බාල ඖෂධ නිසා රෝගී ජීවිත අවදානමේ..

නිසි ප්‍රමිතියකින් තොර බාල තත්ත්වයේ ඖෂධ තවදුරටත් වෙළඳපලට ගලා ඒම නිසා රෝගීන්ගේ ජීවිත අවදාමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඖෂධ වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කිසිදු රසායනාගාරයක් ලංකාව සතුව නොමැති බැවින් ඒ සදහා උසස් රසායනාගාරයක අවශ්‍යතාවය මේ වන විට තදින්ම බලපා ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

ආනයනය කරන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිතිගත උසස් රසායනාගාරයක් රටතුල ස්ථාපිත කරන ලෙස තම සංගමය විසින් රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එනිසා බවද වෛද්‍යවරයා සදහන් කරයි.

Latest