Skip to content

නිධන් හොරුන්ගේ නිජබිමක් වූ "පතහයාය"

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අවදානය යොමු කළ යුතු නමුත් කිසිවෙකුත් දෙනෙත් හැර නොබැලු ඓතිහාසික වටිනාකමක් ඇති  ස්ථානයක් මේ වන විට නිධන් හොරුගේ ග්‍රහනයට නතුවී ඇති බවක් දක්නට ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැවට ආසන්නයෙන් මෙම වටිනා ස්ථානය පිහිටා ඇත. ගලෙන්බිදුණුවැව සහ මොරගොඩ යන පොලිස් වසම් දෙකෙහි මායිමේ මෙම භූමිය පිහිටා තිබීම ජාවාරම්කරුරවන්ගේ සහසුවට හේතුවක් වී ඇති බවක් දක්නට ඇත. ඇතමුන් මෙම ස්ථානය "පතහයාය" නමින් හදුන්වති.

හුරුළුවැවට සහ රිටිගල කන්දට ආසන්නයෙන් පිහිටා ඇති මෙම භූමිය වන අලින්ගෙන් ගහන ප්‍රදේශයකික. ඒ නිසාම ජනතාව එම ප්‍රදේශයට නොයන බවද කියති. එය නිධන් හොරුන්ට පහසුවක් වී ඇත.

අක්කර 100 කට වඩා වපසරියක් ඇති මෙම භූමිය තුළ වනාන්තරයෙන් වැසී ඇති පැරණි පොකුණු, කළු ගලෙන් තනන ලදසොහොන් බිමක්, කළු ගලෙන් ඉදිකරන ලද ගරා වැටුණූ ගොඩනැගිල්ලක නටඹුන්, ගල් කණු, චෙත්‍යයක නටඹුන් ඇතුළු තවත් බොහෝ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන දක්නට ඇත. චෙත්‍ය තිබූ බවට විශ්වාස කළ හැකි ස්ථානය අඩි 25 ක් පමණ ගැඹුරට හාරා ඇත.

මෙම ස්ථානයේ ඇති ගරා වැටී ඇති චෙත්‍ය ගඩොලින් ඉදි කරන ලද්දකි. අනුරාධපුර පුජා භූමියේ ඇති ඇතැම් පූජනීය ස්ථාන වලත් මෙම චෙත්‍ය ඉදිකිරීම සදහා යොදා ගෙන ඇති ගඩොල් වලට සමාන ගඩොල් ඇති බව එහි ගිය වැඩිහිටියන් සදහන් කරති. මෙම ස්ථානයේ දක්නට ඇති සොහොන කටහගස්දිගිලිය - කොක්එඹේ ප්‍රදේශයේදී පුරා විද්‍යා නිලධාරීන් විසින් හදුනා ගෙන ඇති "මුක්කරි සොහොනට"සමාන බවක්ද පෙන්වයි. තවද, රිටිගලදී දකින්නට ඇති ගල් කණු වලට සමාන ගල් කණුද මෙම ප්‍රදේශයේදී දක්නට ඇත.

වන සතුන් බිලි ගැනීම සදහා අයවා ඇති ගිනි අවිද තැන තැනදී දැක ගන්නට තිබුණි. ඒ අනුව සිතා ගත හැක්කේ වගකිව යුතු අංශ වලට මෙම ස්ථානය නෙත ‍නොගුටුනත්, ජාවාරම්කරුවන්ට නම් මෙම ප්‍රදේශය අළුත් තැනක් නොවන බවකි. තැන තැන දක්නට තිබූ නවාතැන් පොලවල් ඊට නිදසුනක් විය. ඇත්තටම මේ නවාතැම් පොලවල් නිධන් ජාවාරම්කරුවන්ගේද, එසේත් නැත්නම් දඩයක්කරුවන්ගේද යන්න සිතා ගැනීම අසීරු කරුණකි.

Latest