ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇත. ඉකුත් 24 වෙනිදා සිදු කරන ලද මෙම නිරීක්ෂණ චාරිකවට ක්‍රම සහ විධි කාරක සභාවේ සෙසු සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ගාමිණී වල්බොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාග වී ඇත.
ව්‍යාජ නිෂ්පාදන වෙළද පලට ඒම වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්‍ෂක ස්ටිකර් හඳුන්වා දී නමුත් තවමත් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් වෙළෙඳ පොළේ භාවිත වන බවත් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත. ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බව සුරාබදු ප්‍රධානීන් මෙහිදී පවසා ඇත.
තවද පසුගිය අයවැයෙන් බදු වැඩි කිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පෙන්වා දුන් අතර මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම අවශ්‍ය බව එම නිලධාරීන් මෙහිදී කාරක සභාවේ සාමාජිකයින් පෙන්වා දුන්නේය. එසේම මත්පැන් සඳහා බදු වැඩිකිරීම සිදුකිරීමේදී දෙපාර්තමේන්තුව විසින් සුදුසු සමීක්ෂණ සිදු කොට මුදල් අමාත්‍යාංශයට නිසි උපදෙස් ලබාදිය යුතු බවද කාරක සභාවේ අවධාරණය කර සිටියේය. එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන සහල් ඇතුළු අමුද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු වේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
තවද රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරීක්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව පෙන්වා දෙන ලදි.
මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා ක ඇත.
එසේම බොහෝ මත්පැන් සමාගම්වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ බදු මුදල් පවතින බවද සුරාබදු නිලධාරීහු මෙහිදී පැවසූ අතර එවැනි සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත.

