Skip to content

පස් කන්දක් කඩා වැටීමෙන් පස්සර නමුණුකුල මාර්ගය අවහිර වෙයි

ජයලත් දිසානායක - බදුල්ල

පස්සර නමුණුකුල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් පස්සර නමුණුකුල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

ඊයේ (2) සවස් කාලයේදී පස්සර ප්‍රදේශයට ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමගින් මේ තත්වය උදාවී ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

මෙම ස්ථානය නිරන්තරයෙන්ම නාය යෑමට ලක්වන ස්ථානයක බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Latest