Skip to content

තියුණු තරගයකින් පසු පසිඳු පසු බසියි!

උස්බෙකිස්ථානයේ පැවැත්වෙන 2023 ලෝක බොක්සිං ශූරතාවලියේ 48-51 ෆ්ලයි බර පංතියෙන්  තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක පසිඳු මිහිරාන් ජෝර්දාන් ක්‍රීඩක එසීස් හුතෙයිෆා ඉදිරියේ පළමු වටයේ සටනේදි තියුණු තරගයකින් පසු ඊයේ පරාජයට පත් විය.

ජෝර්දාන ක්‍රීඩකයා සමග කරට කර තරගයක යෙදුණු පසිඳුට විනිසුරු ලකුණු අනුව 4-1 ක් ලෙස පරාජයට පිලිගැනීමට සිදුවිය.

විනිසුරු ලකුණු සටහන
විනිසුරු 1 - පසිඳු 29: එසීස් 28
විනිසුරු 2 - පසිඳු 28: එසීස් 29
විනිසුරු 3 - පසිඳු 27 : එසීස් 30
විනිසුරු 4 - පසිඳු 28 : එසීස් 29
විනිසුරු 5 - පසිඳු  28 : එස්ස් 29

පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ලද පරාජයත් සමග පසිඳුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුවත් අන්තර්ජාතික බොක්සිං තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එළැඹුනු තාක්ෂණයෙන් පිරිපුන් ⁣බොක්සිං සටනක් ඊයේ දැකගන්නට ලැබිණි.

0:00
/

Latest