Skip to content

විජයකලා පුත්තලමේදී අනතුරින් රෝහලේ.

හිටපු රාජ්‍ය ඇමතිවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය ගමන් කරමින් තිබූ වෑන් රථය 29 වැනිදා අළුයම පුත්තලම - කොළඹ මාර්ගයේ මුන්දලම - මංගළඑළිය ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලබා ඇති හිටපු රාජ්‍ය ඇමතිවරිය ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත. ඇයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. වෑන් රථයේ  රියදුරු සහ එහි ගමන් කරමින් සිටි තවත් අයෙක්ද සුළු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත.

හිටපු රාජ්‍ය ඇමතිවරිය ගමන් කරමින් තිබූ වෑන් රථය මර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය සදහන් කරයි.

වෑන් රථය පදවා ඇති රියදුරුට නින්ද යාම සහ පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවද පොලීසිය සදහන් කරයි.

Latest