නගර සීමාවක් තුළ රථ වාහනයක් ගාල් කිරීමේදී නගරය අදාළවන ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමය වූව ද වැලිමඩ නගර සීමාව තුළ රථ වාහන ගාල් කිරීමේදී මෙසේ නිකුත් කරණු ලබන ප්‍රවේශ පත්‍රයේ ක්‍රමවේදය ඉතාමත් අසාධාරණ වන බවට කලක් තිස්සේ රියදුරන් විසින් දිගින් දිගටම චෝදනා කරණු අපට නිරීක්ෂණය කළ හැකිවිය.
එම නිසා මෙම ගැටළුව සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී මේ සම්බන්ධයෙන් පවතින නිශ්චිත ක්‍රමවේදය සොයා බැලූ අතර ඒ අනුව මෙම ප්‍රවේශපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශීය සභාවේ සභා තීරණ අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ පහත සඳහන් අයුරිනි.

නමුත් රියදුරන් චෝදනා කර සිටින්නේ මේ ආකාරයට ප්‍රදේශීය සභාව විසින් නියම කර ඇති ආකාරයට නොව අදාළ ප්‍රවේශපත් නිකුත් කරන්නන් විසින් සිතූ සිතූ ආකාරයට මෙම ප්‍රවේශපත් නිකුත් කිරීමට කටයුතු කරන බවය. රථ වාහනයක් නවතා විනාඩි දහයක් යන තෙක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති වූවත් රථවාහනය නතර කළ සැනින් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවට ද රියදුරන් චෝදනා කර සිටී.
එමෙන්ම ඔවුන් තව දුරටත් දක්වන්නේ සමහර අවස්ථාවලදී වාහනය ගාල් කිරීම සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගනිමින් අදාළ ස්ථානයේ ගාල් කලද රථ වාහන පොලීසිය පැමිණ එය වාහන ගාල් කිරීම තහනම් ස්ථානයක් යැයි පවසා දඩ මුදල් නිකුත් කරන බවය. එපමණක් නොව අදාළ ප්‍රවේශ පත්‍ර තුළ දිනය, වේලාව ආදී තොරතුරු කිසිවක් සඳහන් නොකර ඇති බවට ද ඔවුන් වැඩි දුරටත් චෝදනා කර සිටී.
" වාහනය නතර කරපු තැන ඉදංම ටිකට් එක දෙන්න ඕන උනත් මෙයාල එහෙම කරන්නෙ නෑ. කඩයක් ඇතුලට වෙලා ඉන්නවා. අපි හොයාගෙන ඇවිත් හිතුන ගානක් දාල ටිකට් එක දීල යනවා. සමහර වෙලාවට බයික් එකක් නතර කලාම රුපියල් පනහක් ඉල්ලනවා. වීල් එකකට ගන්න ඕන හතලිහයි. මගෙන් අසූවක් ගත්තා. ඒ මදිවට වීල් එකට පොලීසියෙන් ලිව්වා මෙතන පාකින් නෑ කියලා. හැබැයි ටිකට් එකකුත් කඩලා. ටිකට් එකක් ගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි සාධාරණ වෙන්න ඕන " රියදුරන් එසේ කියා සිටියේය.

ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම අසාධාරණ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාව කඩිනමින් මැදිහත් විය යුතු බවය.