Skip to content

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඉල්ලා දෙමාපියන් දරුවන් සමග කලාප අධ්‍යාපන කාර්‍යාලය වටලයි

කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් ස්වර්න ජයන්ති මහා විද්‍යාලය සබරගමු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් පාසැලකි මෙම පාසැල හය වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන මිශ්‍ර පාසැලකි.

ස්වර්න ජයන්ති මහා විද්‍යාලය 

කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශයේ ඇති ඔලගංකන්ද කනිටු විද්‍යාලය, පුස්සැල්ල කනිටු විද්‍යාලය, සියඹලාපිටිය කනිටු විද්‍යාලය හා කුරුඳුහින්න කනිටු විද්‍යල වල පහ වසර දක්වා අධ්‍යාපන ලබන සිසු සිසුවියන් හයවසර අධ්‍යාපනය සඳහා 2022 වර්ෂය දක්වාම කෑගල්ල ස්වර්න ජයන්ති මහා විද්‍යාලයට ඇතුලත් කරගනු ලැබීය. රජය මගින් පසුගිය වසරේ පලාත් පාසැල් ගනනාවක් ජාතික පාසැල් ලෙසට උසස් කරනු ලැබීය. ඒ අනුව මෙම පාසැලද ජාතික පාසැලක් බවට පරිවර්තනය විය.  ඉහත සඳහන් කනිටු විද්‍යාල වල 2022 වර්ෂයේ පහවසර අධ්‍යාපනය ලැබු සිසුන් අතරින් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් මේ වනවිටත් කෑගල්ල  ස්වර්න ජයන්ති මහා විද්‍යාලය ඇතුළු වෙනත් විද්‍යාල වෙත ඇතුලත්ව හය වසරේ අධ්‍යාපනය ලබයි.

                       

 එහෙත් පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවු සිසූන් 221 සඳහා මේ වනවිට හයවසර අධ්‍යාපනය ලැබීම සඳහා පාසැලක් නොමැතිව නිවාස වල රැඳි සිටියි. පසුගිය වසර වලදි මෙම විද්‍යාල හතරේ සිසුන් කෑගල්ල ස්වර්න ජයන්ති මහා විද්‍යාලයට ඇතුළත් කර ගනු ලැබුවත් ජාතික පාසැලක් බවට පරිවර්තනය වීමත් සමග 2022 වර්ෂයේ පහවසර සමත් සිසුන් එම විද්‍යාලයට ඇතුලත් කර නොගැනීම නිසා දෙමාපියන් අද 08 දා උදය වරුවේ කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලය වටලනු ලැබීය. එහිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනි ඉද්දමල්ගොඩ මහත්මිය හමුවි තම  දරුවන් මුහුණ දි ඇති ගැටළුව සම්බන්දයෙන් දැනුවත් කරනු ලැබීය.

මෙහිදි ඇය ප්‍රකාශ කලේ මෙම ගැටළුව පසුගිය වසරේත් ඇතිවු බවත් ඒ සම්බන්දයෙන් සබරගමු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ  හා තමන්ගේ මැදිහත් වීම මත දරුවන් ස්වර්න ජයන්ති මහා විද්‍යාලයට ඇතුලත් කල බවත් 2023 වර්ෂයේත් මෙම ගැටළුව ඇතිවෙන බැවින් මේ සම්බන්දයෙන් සබරගමු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය වෙතත් වාර්ථවක් සකසා යවා ඇති බවත් මෙම විද්‍යාලය ජාතික පාසැලක් බවට පරිවර්ථනය වීමත් සමග තමාගේ පාලනයෙන් ඉවත්ව ඇති බැවින් තමන් දෙන උපදෙස් එම පාසැල භාර නොගන්නා බවය.

            මෙහිදි දෙමාපියන් දැඩිලෙස ඉල්ලීම් කරමින් තම දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙම පාසැල හා බලධාරින් උල්ලංඝනය කර ඇති නිසා තමන්ට නිසි පිලිතුරක් ලැබෙන තුරු කලාප අධ්‍යාපන කාර්‍යාල භුමියෙන් ඉවත් නොවන බවය .

0:00
/

 මේ මොහොතේ කාගල්ල පොලීසියේ නිලධාරින්ද පැමිණි අතර දෙමාපියන් උණුසුම් අයුරින් කථා කරනු ලැබීය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරිය නැවත සබරගමු පලාත් අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් ඇමතීමක් ලබා ගනු ලැබීය ඒ මොහොතේ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මැයි 10 වෙනිදා ස්වර්න ජයන්ති මහා විද්‍යාලයට පැමිණ මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන බවට පැවසිමෙන් පසු එදිනට තම දරුවන්ද රගෙන පාසැල අසලට පැමිණෙන බව පවසා පිටව ගියේය .

Latest