Skip to content

පිටි මකුණන්ගෙන් බැට කන වවුනියාවේ පැපොල් වගාව

වව්නියාවේ නැවත පදිංචි වැසියන් ස්වයං රැකියාවක් වශයෙන් ගස්ලබු වගාවන් සිදු කළද කලක් තිස්සේ ගස්ලබු වගාවට පිටි මකුණන් රෝගය වැළඳීම නිසාවෙන් පැපොල් අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව එම වැසියන් දැඩි සේ අසරණව සිටිති.

පැපොල් ගෙඩිය ඉදෙන්නට ප්‍රථම මේරු අවධියේදී මෙම පිටි මකුණන් රෝගය වැළඳෙන අතර එහිදී ගස්ලබු ගෙඩිය කලු පැහැයක් ගන්නා බැවින් ගැනුම් කරුවන් කිසිවෙකුත් නොගන්නා බැවින් 60 %ත් 70ත් අතර ප්‍රමාණයක්ම ගස්ලබු ඉවත් කරීමට සිදු වීම නිසාවෙන් තමන්ට කිසිදු අදායමක් නොලැබෙන බවට හිමියන් කියා සිටිති.

වව්නියාව සාලම්බ කුලම් වේප්පම් කුලම් පූවර්සන් කුලම් ආදි ප්‍රෙද්ශ වල නැවත් පදිංචි ගම්මාන වල වැසියන් නැවත පදිංචි වීමෙන් පසුව ගස්ලබු වගාවන් ආරම්භ කර ඇති අතර මෙම රෝගය නිසාවෙන් තමන් දැඩි සේ පීඩා විඳින බවට කියා සිටිති.

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචි නිර්මලාදේවි කාන්තාව කියා සිටියේ,

‘‘යුද්දෙන් පසුසේ බොහොම අමාරුවෙන් අපි ජීවිතේ ගැටගහගන්න හිතාගෙන තමයි මේ විදිහට ස්වයංරැකියාවක් කරන්න තීරණය කරල මේ ගස්ලබු වගාවන් දාන්න තීරණය කලේ ඇත්තටම ගස්ලබු වගාවට හොඳ ඉල්ලුමක් තියනවා විශේෂයෙන් පිිටරටින් ඉතින් අපි පුලුවන් තරම් ගස්ලබු වගාව වැඩි කරගන්න උත්සහ කරා නමුත් අපි නොහිතපු විදිහට අපේ වගාවට කනකොකා හැඩුවා අපේ ගසුලබු වගාවේ 50% කට වැඩි ගස් වල ගස් ලබු ගෙඩි වල සුදු පැහැති කෘමීන් වර්ගයක් ආවා මේක දැකපු අපේ ගස්ලබු ගැනුම් කරුවන් දැනුම් දුන්නේ අදාල කෘමීන් සිටින ගස්ලබු මිලට ගැනීමට නොහැකි බවටයි පසුව අපි කෘෂිකාර්මික නිලධාරීන් හමුවී ඔවුන් සමග සිදු කළ අධීක්ෂණයකින් පසුව තමයි අපි දැනගත්තේ මේ ගස්ලබු වගාවට පිටි මකුණන් නැමති රෝගකාරකයන් බෝ වී ඇති බවට දැන් දවසින් දවස මේ රෝගය වැඩි වෙනවා මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.

අනතුරුව වව්නියාව සාලම්බ කුලම්හි පදිංචි එස්.උදයරාසා කියා සිටියේ මෙවැන්නකි.

‘මේ වෙනකොට ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මගේ පැපොල් වගාවෙන් පමණක් ඉවත් කොට විනාශ කරල තියෙනවා ඒ ගෙඩි ටික විකුණ ගන්න තිබුනනම් කොච්චර දෙයක්ද ඒත් මොනවා කරන්නද ඒ පැපොල් ගෙඩි වලින් පිටි මකුණන් ඉවත් කළත් පිටි මකුණන් හිටපු සලකුණු තියන නිසා අපිට ඒ ගෙඩි විකුණගන්න බැහැ බෙහෙත් ගහන්නත් ගස් කීයක් තියනවාද ගෙඩි කීයක් තියනවද අද එන ගෙඩිය නෙමෙයි හෙට තියෙන්නේ ඉතින් මේ රෝගයට විසඳුමක් හොයන්න අමාරුයි.

‘ අපි හරිම දුප්පත් මිනිස්සු අපි යුද්දෙන් පසුසේ වව්නියාවේ අනාථ කඳවුරු වල ඉඳල තමයි මෙහෙට පදිංචියට ආවේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් ලැබුනු නිසා වැටිල ඉන්න හරි තැනක් තියනවා නමුත් ජීවත් වෙන්න විදිහක් නැහැ ඒ නිසා තමයි කව්රුත් පැපොල් වගාව හොඳයි කියපු නිසා කනකර රත්තරන් ටික විකුණලා මේ පැපොල් වගාව පටන් ගත්තේ මුලින් සතුටු වෙන්න පුලුවන් විදහකට අපේ පැපොල් වගාවෙන් අදායමක් ලැබුනා එකෙන් මගේ උගස් තියපු කනකර බඩු ටික බේර ගත්තා එච්චරයි තමයි මේ පැපොල් වගාවෙන් කරන්න පුලුවන් වුනේ එදා හිටපු තැනම තමයි අදත් මොකද අපේ වගාවට හෙනහුරා ගැහුවෙත් මේ පිටි මකුණන් කියන ජාතියම තමයි දවස පුරා මහන්සි වෙලා පහුවදා උදේ පැපොල් ගෙඩි බලපුවහම කොල ගෙඩි සුදු වෙලා එහෙම දැක්කහම ජීවිතේම එපා වෙනවා අද හරි හෙට හරි මේ පිටි මකුණන්ට හොඳ බෙහෙතක් හොයාගනියි කියල අපිත් ඉන්නවා එහෙම බෙහෙතක් නැති වුනොත් අපේ බලාපොරොත්තු හැම දේම වතුරේ තමයි.

ගස් ලබු වගා කරුවන් කියා සිටින්නේ මුල් අවධියේදී ඉන්දියානු සමාගම් වලින්ද පැමිණ තමන්ගෙන් ගස්ලබු සතිපතා රැගෙන ගිය නමුත් මෙම පිටි මකුණන් රෝගය වැළඳීම නිසාවෙන් එම සමාගම් නොපැමිණීම නිසාවෙන් අදායම් මාර්ග සියල්ලක්ම අඩාල වී ඇති අතර වෙළද පොලට රැගෙන යාමටද ප්‍රවාහන පහසුකම් නොමැති අතරම පිටි මකුණන් රෝගය හේතුවෙන් පැපොල් ගෙඩිය දුර්වර්ණ වීම නිසා මිල ගණන්ද පහල වැටීමෙන් ඉල්ලුමද අඩුවී ඇති බවටත් මේ හේතූන් නිසා පැපොල් කර්මාන්තයේ යෙදුනු තමන්ට කබලෙන් ලිපට වැටීමට සිදුව ඇතැ පැපොල් වගාකරුවන් වැඩිදුරටත් පවසති.

Latest