Skip to content

බිපාර්ජෝයි සුලි කුණාටුව ඉන්දියාවට ඇතුල් වෙද්දි පකිස්ථානය සීරුවෙන්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයෙන් බිපාර්ජෝයි සුලි කුණාටුව ඇතුලුවීමත් සමග පකිස්තානයේ සින්ද් පලාතේ ජීවත්ව සිටින 80,000 කට අධික ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඉදිරි දින කිහිපය දැඩි අවධානයෙන් සිටින ලෙසට එරට බලධාරීන් විසින් නිවේදනය කොට ඇත.

ඉන්දියාවේ විශාලතම වරායන් දෙකක් වන මුන්ද්‍ර සහ කැන්ඩිලා යන ප්‍රදේශයන් වෙතටද මෙම සුලිකුණාටුවේ බලපෑම ඇති විය හැකි අතරම පකිස්ථානයේ සින්ද් පලාතෙන් ඇතුල් වන සුලිකුණාටුව මිලියන 20 ක පමණ ජනතාවක් ජීවත්වන කරච්චි ප්‍රදේශයටද බලානු ඇතැයි එරට කාලගුණ විද්‍යා අංශය දැනුම් දී ඇත.

අරාබි මුහුදේ සිට ආරම්බ වූ මෙම සුලිකුණාටුවට බිපාර්ජෝයි යන නාමය තබා ඇත්තේ බංගලාදේශය වන අතර එහි අරුත විපතය යන්නයි.

මේ වනවිටත් ඉන්දියාවේ පොර්බණ්දාල් මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 125 ත් 135 ත් අතර වේගයකින් සුලඟෙ වේගය වැඩිවීම හේතුවෙන් මුහුදු රල දැඩි ලෙසින් රලු වී ඇති අතරම කිසිවෙකුත් ධීවර කටයුතු වල නිරත නොවන ලෙසටද ඉන්දීය බලධාරීන් නිවේදනය කොට ඇත.

එමෙන්ම ඉදිරි දිනයන්හි මෙම සුලි කුණාටුව පැයට කිලෝමීටර් 155 ක් තරම් වූ වේගයකින් ඉන්දියාවට සහ පකිස්ථානයට බලපෑමට ඉඩ ඇති අතරම ජනතාවට එය කෙසේ බලපාවිදැයි කිව නොහැකි අතරම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද පියවර ගෙන ඇතැයිද දෙරටේ බලධරීන් වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව මේ වන විට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාසල් සියල්ලකටම මෙන්ම ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබා දී ඇති අතර වරයන්හි දයිනික කටයුතුද සැලකිය යුතු ප්‍රමාණයක් නවතා දමා ඇතැයි වාර්ථා වෙයි.

එමෙන්ම සුලිකුණාටුව හේතුවෙන් ජනතාවට පහසුකම් සැපයීමට කණ්ඩායම් 21 ක් සහ ජනතාව මුදවාගැනීමේ කණ්ඩායම් 13 ක් යෙදවීමටද ඉන්දීය බලධාරීන් කටයුතු යොදා ඇත.

Latest