පසුගියදා ලෝක කුසලාන තරග කාලසටහන නිවේදනය කිරිමෙන් පසුව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයේ පැවැත්විමට නියමිත තරග වලට යාමට අවසර ලබාදිමට පෙර ස්ථාන පරික්ෂා කිරිම සදහා පාකිස්ථාන දුත පිරිසක් ඉන්දියාවට යැවිමට තීරණය කර ඇති බව වර්තා වේ. මෙහිදි විදේශ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සමග සාකච්ඡා කර නියෝජීත කණ්ඩායම ඉන්දියාවට යවන්නේ කවදාද යන්න පාකිස්ථාන රාජය තීරණය කරනු ඇතැයි වර්තාවේ.
එනමි පාකිස්ථාන පාලක මණ්ඩළයේ (PCB) නව සභාපතිවරයා පත්කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.නියෝජීත කණ්ඩායම ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලින් සදහා නිර්මාණය කර ඇතී ආරක්ෂක විධිවිධාන පරික්ෂා කිරිමට අමතරව පකිස්‍ථාන කණ්ඩායම එහි ක්‍රීඩා කරන ස්ථාන පරික්ෂා කිරිමටද කටයුතු කරනු ඇත.ටයිමිස් ඔෆ් ද ඉන්දියා Time Of The India විසින් උපුටා ගන්නා තොරතුරු වලට අනුව පකීස්‍ථානය විසින් ක්‍රීඩා කරන ස්ථාන සහ ඔවුන් සදහා වන ආරක්ෂාව සහ අනෙකුත් විධිවිධාන පරික්ෂා කිරිම සදහා ආරක්ෂක දුත පිරිස පකිස්ථාන ක්‍රීකටි මණ්ඩළය සමග යනු ඇත.
වැඩිදුරටත් සදහන් වන ආකරයට අතීතයේදී පවා සංචාරයකට පෙර මෙය සමාන්‍ය පුරුද්දක් ලෙස ඉන්දියාවට යන සැම තරගාවලියකට පෙර සාමන්‍යයෙන් දුත පිරිසක් ඉන්දියාවට යැවිමට ක්‍රිකටි පාලක මණ්ඩලයෙන් අවසර ගැනිම සිදුවේ.එවාගේම දුත පිරිස එහිදි නිලධාරින් සමග අදහස් හුවමාරු කර ගනිමින් ක්‍රිඩකයින්, ක්‍රිඩා ලෝලීන් සහ මාධ්‍ය සදහා ආරක්ෂාව සහ අනෙකුත් විධිවිධාන පිළිබදව ඔවුන් සමග සාකච්ඡා කොට පරික්ෂා කරන බව සදහන්වේ. මෙම ආරක්ෂක දුත පිරිස කොල්කටාහිී ඊඩින් ගාර්ඩින්ස්, බෙංගලෝරයේ එමි.චින්නස්වාමි ක්‍රීඩංගනය, චෙන්නයිහි චෙපොක් ක්‍රීඩංගනය, හයිද්‍රාබාද්හි රජීවි ගාන්ධි ක්‍රීඩංගනය සහ අහමදාබාද්හි මෙගා නරේන්ද්‍ර මෝදි ක්‍රීඩංගනය වැනි ස්ථාන වලට පැමිණෙනු ඇති බව වර්තාවේ.
එහිදි ගැටලු ඇති වුවහෝත් PCB දැනුමි දෙන අවසන් කාලසටහනේ තරග වෙනස් කර ගැනිමට කටයුතු කරන බව වර්තාවේ. එහිදී PCB ආරක්ෂක දුත කණ්ඩායමට කිසියමි කණස්සල්ලක් ඇත්නමි සහ නමි කරන ලද තරගය වෙනත් තැනක පැවැත්විය යුතු යැයි හැගේ නමි එය ICC සහ BCCI වෙත සිය වාර්තාවේ සඳහන් කරන බව සදහන්වේ. එවාගේම එම තොරතුරු වලට අනුව පකිස්ථාන රජයෙන් අවසන් අවසරය ලබා ගැනීමෙන් පසුව පමණක් පකිස්ථාන කණ්ඩායම පැමිණ 2023 ලෝක කුසලානය ඉන්දියාවේදී ක්‍රීඩා කරනු ඇති බව සදහන්වේ. එ අනුව මෙය සමිමත ක්‍රියාවලියක් වන අතර අනෙකුත් ක්‍රීඩා සදහාද ඉන්දීයාවට පකිස්ථාන කණ්ඩායමක් යැවිමේදි ජාතික සමිමේලන රජයෙන් අවසර ගත යුතු බව සදහන්වේ.