Skip to content

පහලගම සෝමරතන හිමි, දරුවන්ගෙන් ඈත් කරන්න - ජනපතිට පැමිණිල්ලක්

ළමා ලිංගික අපයෝජකයකු ලෙස වරදකරු වූ වූ ගම්පහ, පහළගම, විද්‍යාරවන්ද  පිරිවෙනේ නායක පහලගම සොමරතන හිමි දිගින් දිගටම දරුවන් සමග කටයුතු කිරීම දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව දක්වමින් සෝමරතන හිමි දරුවන්ගෙන් ඈත්කර තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් 'ළමා ආරක්ෂණ සන්ධානය' විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙම ලිපිය යොමුකොට ඇත.

පහලගම සෝමරතන හිමි, එංගලන්ත අධිකරණයක් මගින් නැවත කිසි දිනයක දරුවන් සමඟ වැඩ නොකරන ලෙස නියෝග ලබා දී ඇති, ජීවිතාන්තය දක්වා ලිංගික අපරාදකරුවන්ගේ ලේඛනයට (Sex Offenders Register) ඇතුලත් කර ඇති, ළමා ලිංගික අපයෝජකයකු වශයෙන් වසර හතක සිර දඬුවම් විඳි පුද්ගලයකු බවද එම ලිපියේ තව දුරටත් සඳහන්වේ.

'ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දී වගකිවයුතු පුරවැසියකුගේ යුතුකම ඉටුකරන්න.''

Latest