Skip to content

පාස්කුවට යුක්තිය ඉල්ලා විරෝධතා ඇරඹේ..

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර හතරක් ගතවීම හේතුකොටගෙන අප්‍රේල් 09 වන දින සිට ලොව පුරා විරෝධතා මාලාවක් සිදුකිරීමට සංවිධානය කර ඇතිබව ෂෙහාන් මාලක ගමගේ පවසනවා.
පාස්කු ඉරු දින සිදු වූ මිලෙච්ච ප්‍රහාරය හේතුවෙන් දිවි අහිමි වූ මෙන්ම ආබාදයන්ට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මෙම විරෝධතා මාලාව සංවිධානය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බෝපිටිය ශාන්ත නිකුලා දේවස්ථානයෙන් උදෑසන 11.00 ට ආරම්භ කෙරෙන රථ පෙළපාලිය කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කිරීමට සූදානම් කර ඇති බැවින් ඒ සඳහා සහභාගිවන ලෙස ඔබ සැමට ආරාධනා කරසිටිනවා.

https://web.facebook.com/shehan.m.gamage/videos/155684470470465?_rdc=1&_rdr

Latest