Skip to content

පාරේ තබාගෙන විකුණන මී පැණි මිළදි ගන්නේ පරිස්සමෙන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැටලීම සිදුකළ අයුරු.

වවුනියාව,වෙප්පම්කුලම ප්‍රදේශයේදී මී පැණි ලෙසට සීනි පැණි විකුණන පුද්ගලයෙකුගේ නිවසින් සීනි කලවම් කොට සැකසු සීනි පැණි බෝතල් 268 ක් ඊයේ(13) අත්අඩංගුවට ගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසූවේ මී පැණි ලෙසට සීනි පැණි විකුණන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සීනි හා වතුර එක්කොට ඊට මී පැණි වදවල කොටස් යොදා මී පැණි ලෙසට  සීනි උණුකර බෝතල් කොට විකුණා ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අනාවරණය කර ගැණින.

සැකකරු මහා පරිමාණ ජාවාරමක් ලෙසට සීනි පැණි විකුණන ජාවාරම සිදුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ.

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ හා මැදවච්චිය සිට මන්නාරම දක්වා වන මාර්ගය දෙපස තබාගෙන විකුණන මී පැණි මිළදි ගැනීමේදී සැළකිලිමත්වන ලෙසට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඉල්ලීම් කරති.

සැකකරුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිවමිත බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළහ

Latest