Skip to content

පාපන්දු ලොව හොල්ලන Viking කොල්ලා

මෙසී, රොනල්ඩො සුසං‍යොගයෙ පෙළහර පැම් අවසානයට ලගා වෙන වර්තමානයෙ, පාපන්දු ලොවට නවක තරු පායමින් තිබෙ. මෙ මොහත වන විට එම තරු අතර අග්‍රගනයෙ තරුව විමට වාසනාව ලබා ඇත්තෙ නොර්වෙ හී උපන් English Premier League තරගාවලියෙ Manchester City කන්ඩායම නියොජනය කරන Erling Haaland නම් ජවසම්පන්න ක්‍රීඩකයායි. තමන්ගෙ ප්‍රතම තරගාවලියෙම ගෝල 35 ලබාගෙන EPL ඉතිහාසයෙ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ගොල වලට හිමි වාර්තා පොත් අලුත් කිරිමට Erling මෙ වන විට සමත් වී ඇත. ඔහු විසින් බිද දමනු ලබුවෙ Alan Shearer (Blackburn Rovers - 1994-95) විසින් තබා තිබු ගෝල 34 ක වාර්තාවයි.

2000-06-21 දින එංගලන්තෙ ලීඩ්ස් හී උපත ලද Erling මෙ වන විට අවුරුදු 22 වයස ඇති තරුණයෙක්. ඔහුගෙ පියා Alfie Haaland නොර්වෙ ජාතික කන්ඩායම සහා මෙ වන විට Erling ක්‍රීඩා කරන Manchester City කන්ඩායමට ක්‍රීඩා කල ක්‍රීඩකයෙකි. කුඩා කල සිටම තම පියාගෙ අඩි පාරෙ ගිය Erling අවසානයෙ තම සිහින කන්ඩායම වන Manchester City කන්ඩායම නියොජනය කිරිමට වාසනාව උදාකරගත්තේය. බ්‍රිතාන්‍ය පවුම් මිලියන 60 ගෙවා ජර්මනියෙ Borussia Dortmund කන්ඩායමෙන් Manchester City ලබාගත් Erling තම පළමු තරගයෙ සිටම අනසක පතුර විමට සමත් විය. මෙ වන විට තමා Manchester City කන්ඩායම වෙනුවෙන් ගොල 51 (තරග 45) ලබා ඇති ඔහු 2022-2023 තරග වාරය අවසන් වන විට තවත් වාර්තා රැසකට හිනිකම් කියනු ඇති බවට නොඅනුමානය.

Erling ගෙ විශේෂත්වය, ඔහුගෙ තිබෙන Physical strength බව බහුතර විචාරක මතයයි. මෙසී තරම් නිර්මානශීලි නොවුනත්, රොනල්ඩො තරම් වෙගවත් නොවුනත් අවසාන යාර 18 (Penalty Box) තුල ඔහුට අභියොග කලහැකි වෙනත් ප්‍රහාරකයෙක් නැති තරම්.

Latest