Skip to content

පාන් ආඥා පනත අවලංගු කෙරේ..

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට එලෙස අනුමැතිය හිමි වී ඇත.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවා තිබිණි.

කෙසේ වෙතත්, පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථා වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොමැති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, අදාළ පනත අවලංගු කිරීමට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Latest