Skip to content

පාලමක් මතදී බස් රථයක් අනතුරට.10 දෙනෙකු රෝහලේ.

ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් පාලමක ආරක්ෂිත වැටේ ගැටුණු බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුගත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

20 වැනිදා අළුයම හලාවත - කොළඹ මර්ගයේ වෙන්නප්පුව - නයිනමඩම පාලම මතදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් සහ ස්කැමල් වර්ගයේ ලොරි රථයකි.බස් රථය කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් සිට ඇත.ධාවනය වෙමින් තිබූ බස් රථයක එක්වරම ලිස්සා ගොස් නයිනමඩම පාලමේ ආරක්ෂිත වැටේ ගැටී ඇත. පිටුපසින් පැමිණ ඇති ලොරි රථය ඒ සමගම බස් රථයේ ගැටී ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද වේ.

වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest