Skip to content

පාකිස්ථානයේ කේබල් රථයක පැත්තක් කැඩෙයි : පුද්ගලයන් අටදෙනෙකු සිරවේ

AFP/GETTY IMAGES

වයඹදිග පකිස්ථානයේ මිටියාවතක අඩි නවසියයක් උඩින් යමින් තිබූ කේබල් කාර් රථයක පැත්තක් කැඩී යාමෙන් ළමුන් හය දෙනෙක් හා වැඩිහිටියන් දෙදෙනෙකු සිර වී තිබෙනවා.

පැය 10ක පමණ මෙහෙයුමකින් අනතුරුව ළමුන් හතරදෙනෙකු ගුවන් මෙහෙයුම් හා zipline ආධාරයෙන් මේ වන විට බේරාගෙන ඇති අතර රාත්‍රිය උදාවීමත් සමග ගුවන් මෙහෙයුම් නොමැතිව ඉතිරි හතරදෙනා මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් පවතින බව පාකිස්ථාන බලධාරීන් පවසනවා.

ළමුන් හය දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු කයිබර් පක්තුන්ක්වා පළාතේ පාසලකට යමින් සිටියදී අඟහරුවාදා උදෑසන මෙම සිදුවීම ඇති වී තිබෙන අතර මෙම කේබල් රථයන්හි නිසි නඩත්තුවක් නොමැතිවීම මෙයට හේතු වී තිබෙනවා. මන්ද දුෂ්කර හා කඳුකර ප්‍රදේශවල ජීවත් වන බොහෝ දරුවන් ඔවුන්ව පාසලට සහ ආපසු රැගෙන යාමට කේබල් කාර් මත යැපීමත් මෙයට තවත් හේතුවකී.

අවසාන වශයෙන් තවමත් සිරවී සිටින අයවලුන් වෙත ආහාරපාන සහ අවශ්‍ය ඖෂධ මේ වන විට ලබාදී ඇති අතර කේබල් රථ මගින් සිදුවන ප්‍රවාහන කටයුතු වහාම නවත්වන ලෙස පාකිස්තාන අගමැති අන්වර්-උල්-හක් කකාර් අදාල අංශ වෙත නියෝග කොට තිබෙනවා.

Latest