Skip to content

යුක්ක්‍රේණයේ නගර 80 ක් දැඩි අවධානමේ දැනටත් 30 ක් යටවෙලා. 60,000ක් විපතට..

යුක්රේණය ජලවිදුලි බලාගාරයකට ජලය සැපයෙන විශාලතම ජලාශයක් වන කකොව්කා වේල්ල පුපුරවා හැරීම හේතුවෙන් එහි ජලය තත්පරයට ඝණ අඩි 30,000 ක් පිටවීමත් සමග නගර 80 ක් පමණ යටවීමේ දැඩි අවධානමක් පවතින අතරම මේ වන විටත් ජනවාස 30 ක් සම්පූරණයෙන්ම යටවී ඇතැයිද යුක්රේණය මාධ්‍ය පෙන්වා දෙයි..

ජලාශයේ වේල්ල කැඩී යාම හේතුවෙන් විදුලිබලය ඇණහිටීම මෙන්ම ජනතාව පවුල් 60,000ක් පමණ විපතට පත්ව ඇති අතරම ‍කකොව්කා වේල්ල කැඩීයාමෙන් එහි ජලය ගලායන දිනප්‍රෝ (Dnipro) ගංගාව ආශිතව පවුල් 6000ක් මේවනවිටත් සම්පූරණයෙන්ම ඉවත්වී ඇතැයිද පැවසේ. එමෙන්ම යටවී ඇති ජනාවාස 30 න් 10 ක බලය රුසියාවටත් ඉතිරි ජනාවාස යුක්කේණයටත් අයිතිව ඇත.

මේ අතර ගංවතුර තත්වයන් හේතුවෙන් ආරක්ෂාව පතා යන සාමාන්‍ය වැසියන්ට මේ වන විට තවත් මාරාන්තික උගුලකට හසුව ඇත. එනම් ගංවතුර හේතුවෙන් ආරක්ෂාව පතා යන ජනතාවය යුද්දයට මැදිවීමය.

එහි ජනතාව පවසා සිටින්නේ අපි ගංවතුරට බයේ එහෙට මෙහෙට යනකොට උඩින් බෝම්බ වැටෙනවා දැනි අපිට යන එන මං නැතිව ඉන්නේ යනුවෙනි.

කෙසේ වෙතත් මෙම අමානුසික පාරසරික ව්‍යසනය සම්බන්ධයෙන් මේ වන විට ලොකයාම කතබහකට ලක්වුනද මේ වන තුරුත් එහි වගකීම කිසිවෙක් භාරගෙන නොමැත. වරෙක රුසියාවේ යුද ආක්‍රමණය හීන වීම හේතුවෙන් රුසියානු හමුදාවට එල්ලවන ප්‍රහාරයන් නවතා දැමීම සඳහා රුසියානු හමුදාව විසින් මෙම වේල්ල පුපුරවා හැරි බවට යුක්ක්‍රේණය පවසා සිටියි.

එමෙන්ම රුසියාව පවසා සිටින්නේ රුසියානු හමුදාවට එල්ල කරන ලද සෙල් වෙඩි ප්‍රහාරයන් අදාල වේලලට වැදිමෙ හේතුවෙන් වේල්ල පුපුරා ගිය බවටය. කෙසේ නමුත් මන් වැඩිම අසරණභාවයට පත්ව සිටින්නේ සාමාන්‍ය ජනතාවය.

Latest