මෙම වසරේ ඔක්තෝබර් මස ආරම්භවන 13 වන ICC පන්දුවාර පනහ එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා අවසන් ය. ඒ ඊයේ දිනයේ සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමත් සමඟය.

නමුත් බොහෝ පිරිසක් සිතුවේ භූමියේ වාසිය, සිය රටේ ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ආදී කාරණා සමඟ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඇතුළු මූලික වටයේදී කණ්ඩායම් සියල්ල පරාජය කළ බැවින් සිම්බාබ්වේ කණ්ඩායම නිසැකවම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන බවය.
නමුත් මේ වන විට ඔවුන්ගේ සුදුසුකම් ලැබීම දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත්තේ පෙරළිකාර ස්කොට්ලන්ත කණ්ඩායම ඔවුන්ට විශාල තරජනයක් වී ඇති බැවිනි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා ප්‍රසාද ලකුණු 8 ක් සමඟින් අපරාජිතව සුදුසුකම් ලැබූ අතර ඔවුන්ට ඉන්දියාවේ දී තරඟ කිරීමට සිදුවන්නේ පහත සඳහන් අයුරින් ය.

තරඟාවලිය ඔක්තෝබර් මස 05 දා ආරම්භ වන්නේ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර පැවත්වෙන තරඟයෙන් වන අතර
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟයම දැඩි අභියෝගාත්මක තරඟයක් බවට පත් වෙමින් ඔවුන් ඔක්තෝබර් මස 07 වන දා දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි වලදී තරඟ බිමට පිවිසේ. කෙසේ නමුත් ජයග්‍රාහීව තරඟාවලිය ආරම්භ කිරීම සැබවින්ම මේ නිසා විශාල අභියෝගයක් වනු ඇත.
දෙවන තරඟය පාකිස්තාන කණ්ඩායම සමඟ ඔක්තෝබර් 12 වන දා හයිද්‍රාබාද් නුවර පැවැත් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තෙවන තරඟය ඔක්තෝබර් 16 වන දා පැවැත්වෙන අතර ඒ ප්‍රභල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය.
සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් ජය ගන්නා කණ්ඩායම එනම් සිම්බාබ්වේ හෝ, නෙදර්ලන්ත හෝ ස්කොට්ලන්ත කණ්ඩායම සමග හතරවන තරඟය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 21 වන දා ලක්නව්හී දීය.
ඔක්තෝබර් මස 26 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන තරඟය එංගලන්ත කණ්ඩායම සමඟ බැංගලූර් වලදී ක්‍රීඩා කරයි.
ඔක්තෝබර් මස 30 වන දා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන හයවන තරඟයෙදී වන අතර ඒ පූනේ වල දීය
සත්කාරක ඉන්දියා කණ්ඩායම සමඟ හත්වන තරඟය ක්‍රීඩා කරන අතර ඒ නොවැම්බර් 02 වන දා මුම්බායිවලය
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් පිටිය තුළ පස මිතුරන් ලෙස සලකන බංග්ලාදේශය නොවැම්බර් 06 වන දා දිල්ලිවලදී මුණගැසෙන අතර ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන අටවන වන තරඟයයි. මෙම තරඟය බොහෝ විට දැඩි උණුසුම් තරඟයක් වනු නිසැකය
මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන අවසන් තරඟය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 09 වන දා බැංගලූර්වලදී නවසීලන්ත කණ්ඩායම සමඟය.
ඒ අනුව ශ්‍රී ලංකාව කණ්ඩායම හැරුණුවිට ලෝක කුසලානය සඳහා සහභාගී වන අනෙකුත් කණ්ඩායම් නවය සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.