මේ දිනවල මාළු මිල අහස උසට නැගලාය. ආහාරය සදහා මාළු ටිකක් මිලදී ගන්න යන ඕනෑම කෙනෙකු මිල ඇසූ විගස ආපසු හැරෙන්නේ "ඇගේ මාළු නටන"නිසාය. මාළු මල ඉහළ යාමට හේතුව වශයෙන් ධීවරයින් නම් පවසන්නේ මේ දිනවල බටහිර මුහුදේ පවතින "වාරකන්" (මුහුද රළු වීම) හේතුවෙන් බොහෝ ධීවරයින් මුහුදු නොයන නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවය.
නමුත් මුහුද රළු නොමැති කාල වලදීත් මාළු මිල සැළකිය යුතු පමණින් අඩුවී ඇති ආකරයක් පසුගිය කාලය පුරා දක්නට නොලැබුණි. මාළු මිල ඉහළ යන්නේ වෙන කිසිවක් නිසා නොව ඉල්ලුමේ තරමට සැසපයුමක් නොවන නිසා බව නම් සත්‍යයකි. ධීවරයින්ට නෙලා ගන්නට තරම් මාළු අස්වැන්නක් මුහුදේ නොමැති නිසා මෙවන් තත්ත්වයක් උදා වී ඇති බව යමක් කමක් තේරෙන ඇත්තෝ නම් කියා සිටිති.
විවිධ පාරිසරික ක්‍රියාකරකම් හේතුවෙන් මුහුද විනාශ වී ඇති බවත්, මෙම තත්ත්වය නිසා වෙළදපළට ප්‍රමාණවත් තරම් මාළු අස්වැන්නක් ලබා ගැනීමට ධීවරයාට නොහැකි බවද ඔවුන් කියා සිටිති.
මේ කියන්න සුදානම් වන්නේ අපි සාමාන්‍ය ආකාරයටට පරිභෝජනයට ගන්නා මාළු වර්ගය ගැන නම් නොවේ.ජාත්‍යන්තර වෙළද පළේ ඉහළ ඉල්ලුමක් ඇති මෙම මාළු වර්ග පිළිබදව ඇතැම් විට ඔබ අසා නැතිවා ඇති.
Muraenesocidae කුලයට අයත් අංජාලයන්, මුදු තෙලියන්, මූදු ලුහල්ලන්, වෙල් ලුහල්ලා ලෙස පොදුවේ සිංහලෙන් හදුන්වන Pike conger මසුන් විශේෂ 5ක් ශ්‍රී ලංකාව අවට මුහුදෙන් හමුවේ. මොවුන් පිලිබද තොරතුරු ඉතා සීමිතය. වේ. වෙරලට සහ කලපු ආශ්‍රිතව ද මීටර 800 පමණ ගැඹුරු මුහිදේ වාර්තා රාත්‍රී කාලයේ වඩාත් ක්‍රියාශීලී,කුඩා මසුන් සහ කකුළුවන් වැනි ක්රිස්ටේශියාවන් ගොදුර කරගන්නා මොවුන් පුළුල් ව්‍යාප්තියක් පෙන්වන අතර මාංශ සදහා මෙරටදී ඉල්ලුමක් ඇත්තේම නැත.
ලංකාවේ විශාල ඉල්ලුමක් නොමැති වුවත් මොවුන්ගේ ප්ලවාශය නැතිනම් බඩ බොක්ක සදහා ජාත්‍යන්තරයේ දැඩි ඉල්ලුමක් පවති. මෙම බඩ බොක්කා වියලා චීනයෙය, හොංකොං වැනි රටවලට සාම්ප්‍රදායික චීන වෛද්‍ය වට්ටෝරු සදහාද කොලජන් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සදහාත් යොදා ගැනීම එයට හේතුවේ. මෙම බොකු යොදගනිමින් සකසන සුප් පානය කිරීම මගින් රෝගාබාධ සුවකිරීමට හැකියාව ඇතැයි විශ්වාස කරේ. මෙම මසුන්ගේ බඩ බොකු කිලෝ 1ක් සාමාන්‍යයෙන් වෙළදපොළ ඉල්ලුම රුපියල් 30,000 ක් පමණ වන බවද කියති.


