Skip to content

ඔස්කාර් ලැබෙයිද පීචස් ?

THE SUPER MARIO BROS. MOVIE

ඔබ සියලු දෙනාම පාහේ කුඩා කාලයේ සුපර් මාරියෝ බ්‍රෝස් නම් වීඩියෝ ක්‍රීඩාව එක් වරක් හෝ ක්‍රීඩා කර ඇතැයි සිතමි. මෙය පාදක කොට ගෙන  පසුගිය අප්‍රේල් 5 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කළ, ලෝකප්‍රකට Universal Pictures, Nintendo, Illumination Entertainment යන සමාගම් සියල්ලම එකතු වී නිෂ්පාදනය කරන ලද The Super Mario Bros. Movie දැනටමත් බොහෝ රසික රසිකාවියන්ගේ හිත දිනාගෙන අවසන්.

ක්‍රිස් ප්‍රට්, ජැක් බ්ලැක්, අන්යා ටේලර්-ජෝයි, සෙත් රෝගන් වැනි ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිලියන් රැසක් දායක වෙන මෙම චිත්‍රපටයේ Bowser චරිතයට පන පොවන ජැක් බ්ලැක් විසින් රචිත "Peaches" ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොදම මුල් ගීතය නැතහොත් Best Original Song සඳහා වන නිර්දේශ සඳහා අයදුම් කිරීමට සුදුසු බව ප්‍රකට The Variety සඟරාවේ නවතම වාර්තාවක් අනුව පෙන්වා දෙනවා.

Illumination Entertainment මීට පෙර කිසිදු ඔස්කාර් සම්මානයක් දිනා නොමැති අතර 86 වන ඔස්කාර් සම්මාන උළෙලේදී Despicable Me 2 චිත්‍රපටය හොදම සජීවීකරණ චිත්‍රපටය සඳහා නිර්දේශයක් දිනා ගන්නා ලදී. එහෙත් ඔවුන්ට එය දිනා ගැනීමට නොහැකි විය. ඒ, Frozen චිත්‍රපටය ජයග්‍රහණය කිරීම නිසාවෙනි.

එහෙත් මෙම චිත්‍රපටය දැනට පළමු සතිය තුල ලොව වැඩිම ආදායමක් ලද සජීවීකරණ (animated) චිත්‍රපටය වීමටද සමත් වී තිබෙනවා. එම නිසා හොදම සජීවීකරණ චිත්‍රපටය වීමේ අවස්ථාවක්ද මෙම චිත්‍රපටයට පවතින බව නොඅනුමානයි.

Latest