Skip to content

සාක්කුව හිස්කරන වෙළඳදැන්වීම්

ජංගම දුරකතන වෙතට ඉතාමත් ආකර්ෂණීය වෙළඳ දැන්වීම් යොමු කරමින් ජනතාව රවටන පරිඝනක අපරාධ කල්ලීන් රටේ වැඩි වී ඇති බවටත් පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ ගතවූ කාලය තුලදී පමණක් පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල සහකාර පොලිස් අධිකාරි වරයා කියා සිටියේ,

ජංගම දුරකතන වෙතට විවිධාකාරයෙන් ජනතාව මුලාවන ආකාරයේ ආයෝජන සැලසුම් පිළිබඳව වෙළඳදැන්වීම් එවීමෙන් මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා.

පිළිගත්ත වෙළඳ ආයතනවල නම් ඒවගේම ඒ අයගේ ලෝගු එක භාවිතා කිරීම තමයි මෙහිදී වැඩිවශයෙන් වෙන්නේ දිනකට රුපියල් 15,000 සිට 20,000 ක් වගේ ඉපයීමට හැකියි දවසටම යන්නේ පැයක වගේ කාලයක් වගේ කියලා.

ඉතිං මේ අය Whatsapp සහ Telegram මගින් තමයි භාවිතා කරන්නේ මුලින් රුපියල් 5,000 ක් වගේ අයෝජනය කරන්න දෙනවා. මේ සඳහා පොඩි ඇප් එකක් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් පසුව ආයෝජනය කරන පුද්ගලයට රැවටීමට රුපියල් 5,000 ක් සහ 10,000 වගේ ආපසු ලබාගන්නත් අවස්ථාව දෙනවා බැංකුව හරහා.මේ හරහා මිනිස්සු රැවටිලා ලොකු ලොකු ගණන් අයෝජනය කරන්න ගන්නවා මිලයන ගනන් වලින්.

මෙහෙම ලොකු මුදලක් අයෝජනය කර ගමන් මෙයාව අර WhatsApp හරි telegram හරි Group එකෙන් බ්ලොක් කරලා කිසිවක් කරන්න බැරුව වින්දිතයෙක් බවට පත්කරනවා.

මේ ආකාරයටම තමයි තවත් පාර්ශවයක් රවටාගන්නා අයට කියනවා Bank account එකක් හදාගන්න කියලා මේ සියල්ල වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට ඉතිං මේ අය කයනවා මුදල් තවත් අයෙක්ඓකව්නුට් එකකට ට්‍රාන්සර් කරලා අයෝජනය කරන්න පටන්ගන්න කියලා ඒ අයටත් වෙන්නේ මුලින් කී විදිහම තමයි.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබීලා තියනවා වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බවය.

2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇති අතර 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී  තිබෙන අතරම මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Latest