"අපි සම්බන්ධ නෑ" තැපැල් දෙපාර්තමේන්තුව කියයි
රටේ මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර මෙම තොරතුරු ගන්නා වංචනික ක්‍රියාව සිදුකර ඇති බවද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරමින් සදහන් කළේ, තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි.
එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති අතර වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපියනය අවභාවිත කර ඇති බවද සදහන් කරයි.
පුද්ගලයින් වෙත ජංගම දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින් මෙම වංචාව සිදුකර ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.