Skip to content

කළුතර ගුරු සිසුන් සිය දෙනකු එකවර ලෙඩ වෙලා.



කලුතර  උතුරපස්දුන් රටවිද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 100 කට ආසන්න  පිරිසකට උණ රෝගය වැළදී ඇති බව කළුතර  විද්‍යාපීඨබලධාරියෙක් පැවසීය.

උණ රෝගය වැළදුණ හතලිහකට ආසන්න  පිරිසක් නිවෙස්වලට පිටත්කර හැර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැදී සිටින බවද සදහන් වේ.

රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨය ආරංචි මාර්ග සදහන් කරයි.

රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපිත කර ඇති අතර එහි වෛද්‍ය සහායිකාවන් දෙදෙනාගේ සේවය ප්‍රමාණවත් නොවන බව පැවසේ.‍ෙ

මේ පිළිබඳ අදහස් දැක්වූ පීඨාධිපති ඒ ජේ එස් බස්නාගොඩ මහතා මෙසේ පැවසීය.

ළමයින් 25 ක් පමණ  නිවෙස්වලට පිටත්කර යැව්වා. අද දිනයේ තවත් 30 ක් පමණ රෝහලට යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.  විද්‍යාපීඨය සතු එකම වෑන් රථය කාර්මික දෝෂයකට ලක්වෙලා. ළමුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයකු වෙනුවෙන් ආහාරයට  රජය වෙන්කරන්නේ දිනකට රුපියල් 53 යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබාදෙන්න වෙලා තියෙන්නේ. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කලා යනුවෙන් පැවසීය.

Latest