Skip to content

මුලතිව් සමූහ මිනි වලේ කැනීම් එළබෙන 06 දා

මුලතිව් කොක්කුතුඩුවායි මඩි ප‍්‍රදේශයේදී අස්ථි කොටස් හා කොටි කතුන්ගේ ඇදුම් කොටස් හමුවු ස්ථානයේ කැණිම් කටයුතු එළබෙන ජුලි මස 06 දා ආරම්භ කරන ලෙස මුලතිව් මහේස්ත‍්‍රාත් ආර් සරවනරාජා මහතා කෝකිලායි පොලීියට නියෝග කොට තිබේ.
මෙම ස්ථානය එල් ටි ටි ඊ සංවිධානයේ කාන්තාවන්ගේ සමුහ මිණි වලක් වන්නට ඇති බවට මුලිකව හදුනාගෙන ඇති අතර එම ස්ථානයේ තිබි කොටි සාමාජිකාවන් කීපදෙනකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් නිළ ඇදුම් හා ස්වයංකී‍්‍රය ගිණි අවි සදහා භාවිත කරන පතුරම් ඇතුළු ද්‍රව්‍ය කීපයක් හමුව තිබේ. ජාතික ජලාපවාහණ මණ්ඩලයේ සේවකයින් මෙම ස්ථානයේ සිය නල පද්ධතියක් එලීම සදහා වලක් හාරමින් සිටියදී මෙම අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍යය හමුව ඇති අතර ඒ අනුව පොලීසියට සිදු කළ දැනුම් දීමකට අනුව පොලීසිය අදාල ස්ථිනයට පැමිණ පරීක්ෂා කොට එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කොට තිබේ.
පොලීසිය මෙම ස්ථානයේ තවත් සැකකටයුතු ද්‍රව්‍ය පැවතිය හැකි බවට සැකකරණු ලබන අතර ඒ පිළිබද මුලතිව් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිසි ක‍්‍රමවේදයක් ඔස්සේ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරන ලෙසත්, එතෙක් අදාල ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසත් මුලතිව් මහෙස්ත‍්‍රාත් වඑයා නියොග කොට තිබේ.

Latest