Skip to content

එක්දින ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ.

මෙම වසරේදී (2023) ඉන්දියාවේදී පැවත්වෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන රටවල් ඇතුලත් කාලසටහන නිලවශයෙන් නිකුත් කිරීමට අයි.සී.සීය විසින් පියවර ගෙන තිබේ..

මේ අනුව මේ වසරේ ඔක්තෝම්බර් 05 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා පැවත්වෙන එක්දින ලෝක කුසලානයේදී සම්පූරණ තරඟ 48 ක් පැවත්වීමට නියමිතව ඇති අතර එහිදී තරඟාවලිය ආරම්භ කරමින් එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟය ඉන්දියාවේ අහමදාබාද්හීදී පැවත්වෙයි.

එම කාල සටහන මෙසේය..

එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වශයෙන් තේරී පත්ව ඇති කණ්ඩායම් වශයෙන්

1. ඉන්දියාව

2. එංගලන්තය

3. නවසීලන්තය

4. පාකිස්ථානය

5. ඔස්ට්‍රේලියාව

6. බංග්ලාදේශය

7. ඇෆ්ගනිස්ථානය

8. දකුණු අප්‍රිකාව

වන අතර ඊට අමතරව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන කණ්ඩායම් 10 අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකක්ද ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇත.

මේ දිනවල සුදුසුකම් ලැබීමේ තරඟ සිම්බාබ්වේදී පැවත්වෙන අතරම සුදුසුකම් ලැබීමේ වටයට එක්වන කණ්ඩායම් 10 වශයෙන් පහතින්.

1.සිම්බාබ්වේ

2.ස්කොට්ලන්තය

3. නේපාලය

4. අමෙරිකාව

5. බටහිර ඉන්දීය කොදෙව්


6. නෙදර්ලන්තය

7. ඕමානය

8. ශ්‍රී ලංකාව

9. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

10. අයර්ලන්තය

Latest