ගාල්ල ඔරොප්පුවත්තේ අත්හැර දැමූ දමා තිබූ වෙළඳසැලක වහලයේ තිබී ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, හිස් මුදල් පසුම්බි ඇතුලු උපකරණ තොගයක් සොයාගත් බවට ගාල්ල පොලීසිය පවසයි.
මෙම අත්හැර දමා ඇති වෙළඳසැල ගාල්ල නගර සභාවට අයති වන අතර එය පිරිසිදු කරමින් සිටි පිරිසකට මෙම ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියවිලි හමු වී ඇත.


ගැට කපන්නන් විසින් මුදල් පසුම්බි සොරකම් කිරීමෙන් පසු ඒවායේ තිබූ මුදල් රැගෙන ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍රය ඇතුළු ලියවිලි මෙම වෙළෙඳ සංකීර්ණයට විසි කොට දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
කෙසේ වෙතත් මුදල් පසුම්බි අතුරුදහන් වූවන් පිළිබඳව සොයා අදාල පිරිස් දැනුවත් කොට ඔවුන්ගේ හැඳුනුම්පත් ඇතුලු ලියවිලි අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවද යම් අයෙකුගේ මුදල් පසුම්බිය අතුරුදහන් වී ඇත්නම් ගාල්ල පොලීස් ස්ථානයට පැමිණෙන ලෙසටද පොලිසිය වැඩිදුරටත් පැවසිය.

