Skip to content

නවතම ලෝක චෙස් ශූරයා චීනයෙන්..

රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මාස්ටර් ඉයන් නෙපොම්නියාෂි පරාජය කරමින් ලෝක චෙස් ශූරයා බවට පත්වීමට චීන ජාතික ග්‍රෑන්ඩ් මාස්ටර් ඩිංග් ලයිරෙන් ඊයේ (අප්‍රේල් 30, ඉරිදා) සමත්විය. තරග වට 7-7 ක් ලෙස තියුණු තරගයක් අවසානයේ පැවැති අවසන් වේගවත් වටයෙන් ජය ලැබූ ලයිරෙන් 17 වැනි ලෝක චෙස් ශූරයා ලෙස කිරුළු පැළඳුවේය. එමෙන්ම 2013 වසරේ සිට ලෝක ශුරතාවට හිමිකම් කී මැග්නස් කාර්ල්සන් මෙවර සිය කිරුළ රැක ගැනීමට තරග නොකිරීමට තීරණය කිරීම මෙවර තරගාවලියේ විශේෂ සිදුවීමකි.

ලෝක ශූරතාව සමග ලයිරෙන් වෙත ස්ටර්ලිං පවුම් මිලියන 1.1 ක් හිමිවන අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ඉයන් නෙපොම්නියාෂිට ස්ටර්ලිං පවුම් මිලියන 0.9 ක් හිමි විය.

Latest