Skip to content

Nvidia හි කොටස් වල වටිනාකම ඉහළට​

මූලාශ්‍ර​: විදෙස් මාධ්‍ය තුලිණි.

ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් හි අපේක්‍ෂක මට්ටමට වඩා බෙහෙවින් ඉහළ ගිය ඉපැයීම් සහ විකුණුම් ප්‍රතිශතයක් වාර් තා කිරීමෙන් පසු Nvidia (NVDA) කොටස් වල අගය බ්‍රහස්පතින්දා වන විට 28% කින් ඉහළ ගියේය. එය ආයෝජකයින්ට ඇමරිකාවේ භයානක ණය සීමාවේ ස්ථාවරය තාවකාලිකව අමතක කිරීමට ප්‍රමාණවත් තරමේ ප්‍රවෘත්තියක් වී ඇතැයි වාර් තා වන අතරම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch ඉකුත් බදාදා දින අනතුරු අගවා ඇත්තේ ඇමරිකාවට එහි (sterling AAA debt rating)  ණය ශ්‍රේණිගත කිරීම අහිමි විය හැකි බවටයි.

Nvidia chips, Generative AI සදහා බලගන්වන අතර පරිශීලකයින් ගේ විධාන වලට අදාළව (prompts)​ කෘතිම බුද්ධිය හා සබැදි content, text සහ​ images නිර් මාණය කිරීමේ හැකියාව පවතී. එය ChatGPT, Google’s Bard, Dall-E සහ තවත් බොහෝ නව AI තාක්‍ෂණයන්ට අවශ්‍ය බල ගැන්වීම ලබා දේ. Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang මහතා පවසා සිටින්නේ පරිගණක කර්මාන්තය සමගාමී සංක්‍රාන්ති දෙකක් හරහා ගමන් කරමින් ඇති බවයි. ඉන් එකක් accelerated computing වන අතර අනෙක generative AI වශයෙන් හදුන්වනු ලබයි.

සෑම නිෂ්පාදනයක්, සේවාවන් සහ ව්‍යාපාරික ක්‍රියාවලියකටම Generative AI යෙදීමට සමාගම් තරඟ කරන ප්‍රවණතාවයක් ද මේ වන විට වාර් තා වේ. පසුගිය කාර්තුවේදී, Nvidia හි ලාභය (26%) ඩොලර් බිලියන 2 දක්වා ඉහළ ගිය අතර විකුණුම් (19%) ඩොලර් බිලියන 7.2 දක්වා ඉහළ ගියේය. ඒ සෑම ලාභාංෂ වාර් තා කිරීමක්ම Wall Street දත්ත​ විශ්ලේෂකයින්ගේ අනාවැකි පහසුවෙන් අභිබවා ගොස් ඇත​.

Latest