Skip to content

ඡන්ද දායකයින්ට සාපේක්ශ මංත්‍රීවරු වරු ගනන නම් කරති..

වැඩිම ගනන කොළඹින්.. අඩුම ගනන ත්‍රිකුණාමලයෙන්

2023 වසරේ මෙරට ලියාප්දිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මත දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවලට තෝරාපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෙම වර්ෂයේදී ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාවට සාපේක්ශව වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරාගත හැකිවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19 කි.
ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව තෝරාපත් කර ගත හැකි අවම මංත්‍රී සංඛ්‍යාව වන්නේ 4 කි. ඒ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙනි.

සෙසු දිස්ත්‍රික්ක වෙනුවෙන් පිළිවෙළින් ගම්පහින් මන්ත්‍රීවරුන් 18ක්, කුරුණෑගලින් මන්ත්‍රීවරුන් 15ක්, මහනුවරින් මන්ත්‍රීවරුන් 12ක්, රත්නපුරයෙන් මන්ත්‍රීවරුන් 11ක්, කළුතරින් මන්ත්‍රීවරුන් 10ක්, ගාල්ලෙන්, අනුරාධපුරයෙන්, බදුල්ලෙන් සහ කෑගල්ලෙන් මන්ත්‍රීවරුන් 09ක් බගින්ද, නුවරඑළියෙන් සහ  පුත්තලමෙන් මංත්‍රීවරුන් වරුන් 08 දෙනා බැගින්ද වන ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

එසේම මාතර , හම්බන්තොට, දිගාමඩුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් මන්ත්‍රීවරුන් 07 ක් බැගින්ද,  මොනරාගල සහ වන්නි දිස්ත්‍රික්ක වලින් මංත්‍රීවරු 06 දෙනා බගින්ද, මාතලේ , මඩකලපුව සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් මන්ත්‍රීවරුන් 05 බැගින්ද තෝරාපත් කර ගැනීමට නියමිතය.

Latest