Skip to content

විල්පත්තු වන්දිය නොගෙවූ රිෂාඩ් බදියුදීන්ට යළි නොතීසි!

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව විල්පත්තු රක්ෂිත ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ නඩුවට අදාළව පාර් ලිමේන්තු  මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

උක්ත  නඩුවෙන් වැරදිකරු වූ රිෂාඩ් බදීයුදින් මහතාට රුපියල් මිලියන 1,067ක් රජයට ගෙවන මෙන් අධිකරණය නියෝග කර තිබුණු අතර ඔහු එම මුදල ගෙවා නැති බවයි නැවත පෙත්සමක් ගොනු කරමින් පැමිණිලිකාර පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව මන්ත්‍රීවරයාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් නොතීසි නිකුත් කර ඇත.

Latest